නවසීලන්ත මහ කොමසාරිස් ජවිපෙ නායක හමුවෙයි

0
14

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අතර හමුවක් ඊයේ (04දා) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

මෙම හමුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත්  සහ නියෝජ්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ ට්‍රැවලර් සහ එම කාර්යාලයේ ප්‍රතිපත්ති උපදේශිකා සුමුදු ජයසිංහ  යන අය එක්ව සිටියහ.

මෙහිදී රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කෙරිණි.

අනුරාධා හේරත්