දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල කළ සැකකරුවන් හඳුනාගැනීමට ඔබේ සහාය පතයි

0
10

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට පහරදී තුවාල සිදු කිරීම සහ කැබ් රථයකට අලාභ හානි සිදු කිරීම සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.

එම සිද්ධියේදී පහරදීම් සහ පොලිස් කැබ් රථයට හානි සිදුකිරීමේදී ප්‍රධාන ක්‍රියාකාරීන් ලෙස පුද්ගලයන් කිහිප දෙනකු විමර්ශන පවත්වන පොලිස් නිලධාරීන් විසින් හඳුනාගෙන තිබේ. ඒ සිද්ධියට අදාළව සමීප ආවේක්ෂණ දර්ශන සහ විමර්ශනයන්හිදී ලබාගත් වීඩියෝ දර්ශන ඇසුරෙනි.

 හඳුනාගත් පුද්ගලයන්ගේ නිශ්චිත අනන්‍යතාවන් තහවුරු කරගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය මහජන සහාය පතමින් සිටී.  එබැවින් මෙම පුද්ගලයන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත තොරතුරු දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

ඒ අනුව එම තොරතුරු 0718591735, 0718592735 සහ 0718591733 යන අංක වලට ලබා දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය අවධාරණය කරයි.

කීර්ති මෙන්ඩිස්