තිස්සමහාරාම නිමලව ආරණ්‍ය සේනාසනාධිපති හිමිගේ ආදාහන පූජෝත්සවය හෙට

0
8

තිස්සමහාරාම නිමලව ආරණ්‍ය සේනාසනාධිපති වැලිමඩ ධම්මදස්සි ලොකු හාමුදුරුවන් වහන්සේ පෙරේදා (03දා) අපවත් වූ සේක.

ඉකුත් 1940 වර්ෂයේදී වැලිමඩදී ජන්මලාභය ලැබූ උන්වහන්සේ ශ්‍රී  කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන ආචාර්ය මහෝපාධ්‍ය මාතර ශ්‍රී  ඥානාරාම, ශ්‍රී  කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සමුත්පාදක රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය කඩවැද්දුවේ ශ්‍රී  ජිනවංසාභිධාන නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි වී 1971 වර්ෂයේදී උපසම්පදා ශීලයෙහි පිහිටුවනු ලැබූහ.

ශ්‍රී  ලංකා රාමඤ්ඤ මහ නිකායේ කල්‍යාණ යෝගාශ්‍රම සංස්ථාවේ තිංසතිවර්ගික කාරක සංඝ සභාවේ  සංඝ සභික කම්මවාගාචාර්ය, ත්‍රිපිටක විශාරද, ධූතංගධාරී සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් වූ වැලිමඩ ධම්මදස්සි ලොකු හාමුදුරුවන් වහන්සේ නිමලව ආරණ්‍ය සේනාසනයේ වැඩ වසමින් සම්බුද්ධ ශාසනයටත් සිය දායකකාරකාදීන් ඇතුළු සමස්ත ශ්‍රී  ලංකාවාසී ජනතාවටත් විශාල සේවයක් ඉටුකළ හිමිනමකි.

කොළඹ 5 රජවත්ත නාඋයන පාරමිතා ආශ්‍රමයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති දේහය තිස්සමහාරාම නිමලව ආරණ්‍ය සේනාසනයට රිය පෙරහරකින් වැඩම කරවීමට නියමිතය. ආදාහන පූජෝත්සවය හෙට (06 වැනි සෙනසුරාදා) සවස 2.00ට නිමලව ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේදී පැවැත්වේ.

බිබිල – නඳුන් ගුණතිලක

වාද්දුව – ජනක හෙට්ටිඅරච්චි