ඩීසල් නැවකට මුදල් ගෙවයි තවත් නැව් දෙකකට අන්තිකාරම්

0
24

ඩීසල් නෞකාවක් සඳහා මුදල් ගෙවීම සිදු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

තවද පෙට්රල් නෞකාවකට හා තවත් ඩීසල් නෞකාවක් සඳහා අත්තිකාරම් ගෙවීමක් සිදු කොට ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

එසේම ගුවන් යානා ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් වසරක ගිවිසුමකට එළැඹ ඇති බවත් එහි පළමු නෞකාව ලබන 12ත් 14 යන දිනයන්හි ලැබීමට නියමිත බවද අමාත්‍යවරයා පැවැසීය.

චාමර අමරසූරිය