ඩයලොග් බලගන්වන ශා.ජෝශප්-ශා.පීතර වාර්ෂික එක්දින තරගය හෙට එස්.එස්.සී. පිටියේදී

0
22

‘පීටර් ඒ.පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලාන’ වෙනුවෙන් පැවැත්වෙන 48 වැනි ශා.ජෝශප්-ශා.පීතර විදුහල් වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය හෙට (6 වැනි දින) කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතය.

ඩයලොග් අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙවර තරගයේදී ශා.ජෝශප් විදුහල මෙහෙයවන ෂෙවෝන් ඩැනියෙල් හා ශා.පීතර විදුහල මෙහෙයවන වනුජ කුමාර යන තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනා 2022 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලිය මෙන්ම කැරබියන් දූපත්හි පැවැති අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කර තිබීම කැපී පෙනේ. එසේම මෙම තරගයෙන් අනතුරුව ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ එංගලන්ත සංචාරයට එක්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් රටෙහි පවතින වත්මන් තත්ත්වය හා කොවිඩ්-19 වයිරස් රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමත් සැලකිල්ලට ගනිමින් මෙවර තරගය ප්‍රේක්‍ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට කටයුතු කර ඇතත්, මෙම තරගය Dialog TV නාලිකා අංක 140 ඔස්සේත්, Thepapare.com හා Dialog ViU App ඔස්සේත් සජීවව විකාශය කිරීමට පියවර ගෙන තිබීමද විශේෂත්වයකි.