කොවිඩ් කාලේ වැඩි කළ ගාස්තුව අඩුවෙලා නෑ

0
46

සාමාන්‍ය බස් රථ ගාස්තුව සියයට 11.14කින් සහ අවම බස් ගාස්තුව රු. 38 සිට රු. 34 දක්වා පහත දැමීමට ගත් තීරණය ප්‍රෝඩාකාරී තීරණයක් බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත චෝදනා කළේය.

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ බස් රථවල ආසන අනුව මගීන් පමණක් රැගෙන යෑමට සෞඛ්‍ය අංශ ලබාදුන් උපදෙස් අනුව ඉහළ දැමූ ගාස්තුව සම්පූර්ණයෙන් ඉවත් කිරීම පිළිබඳව සලකා නොබලමින් මෙම තීරණය ගෙන තිබෙන බවත් ඔහු පැවැසීය.

එසේම කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකරමින් සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසද සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ඉල්ලීමක් යොමුකර ඇති බවත් ඔහු සඳහන් කළේය.

එම කරුණු අතර බස් රථ ගාස්තු සූත්‍රය පිළිබඳවත්, අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව, කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අධික මාර්ග තදබදයට විසඳුම් ලබාදීම, පෙරගෙවුම් කාඩ්පත් සහ ඊ-ප්‍රවේශපත්් මඟින් ගෙවීමේ පහසුකම් හා බස් රථ සඳහා ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබාදීම පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමට තම සංගමය සූදානමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේය.