කොතලාවල වෛද්‍ය සිසුන්ගෙන් ප්‍රජා සත්කාර්යයක්

0
8

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍ය ශිෂ්‍ය පාඨමාලා අංක 36 කණ්ඩායම සංවිධානය කළ දහම් පාසල් හා පාසල් සිසුන් දැනුවත් කිරීමේ උපදේශන වැඩමුළුවක් සහ ආදර්ශ ගෙවතු වගාවන් ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් පසුගිය ජූලි 24දා රත්මලාන සිරි විජයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙහිදී පිළිගැනීමේ කතාව වෛද්‍ය ශිෂ්‍ය තිසුර බුලත්සිංහල කළ අතර අධ්‍යයන ක්‍රමවේද උපදේශක දිලීප වන්නිආරච්චි මහතා ප්‍රධාන දේශනය පැවැත්විය.

වෛද්‍ය සිසුන්ගේ දායකත්වයෙන් සැකසූ ආදර්ශ ගෙවතු වගාව විවෘත කිරීම සහ පැළ බෙදාදීමද සිදුකෙරිණි. මේ අවස්ථාවට විශේෂඥ වෛද්‍ය අනුජි ගමගේ, කෘෂිකර්ම උපදේශිකා මුදිතා අලවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශයේ තෝරාගත් දහම් පාසල් සහ පාසල් සිසු සිසුවියෝ විශාල පිරිසක්ද සහභාගි වූහ.