අරගල බිමෙන් කූඩාරම් කිහිපයක් ගැලවෙයි

0
43

ගාලුමුව‍ෙදාර අරගල භූමියේ ඉදිකර තිබූ කූඩාරම් කිහිපයක්ම ඉන් ඉවත් කරගෙන ඇති බව වාර්තා වේ. අරගල භූමියේ ප්‍රථමාධාර ලබාදීම සඳහා රැඳී සිටි සාන්ත ජෝන් ගිලන් රථ සේවයේ (St.John Ambulance Brigade) කාර්යමණ්ඩලය ඊයේ (04දා) ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත්ව යන බවට නිල වශයෙන් දැනුම්දී තිබූ අතර ඔවුන් ඊයේ දහවල් වනවිට ඔවුන්ගේ සියලු බඩු බාහිරාදිය ඉවත් කරගෙන එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.

ගාලුමුව‍ෙදාර අරගල භූමියේ රැඳී සිටින අරගලකරුවන්ට අද (05දා) සවස 5.00ට පෙර ඉවත් වන ලෙසට පොලිසිය ඉකුත්දා (03දා) නිවේදනය කර තිබිණි.

ඊයේ (04දා) දහවල් වනවිට පොලිස් ත්‍රිරෝද රථයක් අරගල භූමිය වෙත පැමිණ ශබ්ද විකාශන යන්ත්‍රයක් මඟින් යළිත් ඒ බව දෙවැනි වරටද නිවේදනය කොට තිබේ. 

එම නිවේදන අනුව ප්‍රධාන අරගල භූමිය වටා ඉදිකර තිබූ කූඩාරම් කිහිපයක් ඊයේ සහ පෙරේදා රාත්‍රියේ ඉවත් කර ගැනීමට කටයුතු කර ඇතැයි අප කළ විමසීමකදී අරගලකරුවෙක් පැවැසීය.

ඉකුත් ජූලි මාසයේදී අරගල භූමියේ රැඳීසිටි රතු කුරුස (red cross) සමාජය ඉන් නිල වශයෙන් ඉවත්ව තිබේ. එමෙන්ම අරගලයේ සිටි ඡතචජඬ cap movenment, liberate fellowship ආදියද ඉන් ඉවත්ව යන බව නිල වශයෙන් දන්වා තිබිණි.

‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේ ඉදිකර තිබූ බඥචප ඨචඵ සිනමාහලද ගලවා ඉවත් කිරීමට අරගලකරුවන් තීරණය කොට තිබිණි.

එමෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකතුව පිහිටි කුඩාරම්ද එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබේ.

පෙරේදා (03දා) රාත්‍රියේ සහ ඊයේ වනවිට ප්‍රධාන නේවාසික කූඩාරම් හා ඒ වටා ඉදිකර තිබූ අනෙකුත් කූඩාරම් හැරුණුවිට සෙසු කූඩාරම් බොහොමයක් ඉවත් කරගන්නා අයුරු දක්නට ලැබිණි.

ගාලුමුව‍ෙදාර පිටිය හා ඒ ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් ඉදිකර ඇති ඉදිකිරීම් හා බෝග වගා වහාම ඉවත් කර ගන්නැයි ගාලුමුව‍ෙදාර විරෝධතා ස්ථානයේ රැඳී සිටින අරගලකරුවන්ට පෙරේදා (03දා) පස්වරුවේ දැනුම්දී තිබේ. අද (05දා) පස්වරු 5.00ට පෙර මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් පියවර ගත යුතු බව කොටුව පොලිසිය දැනුම්දී ඇත.  අප්‍රේල් 09 වැනිදා ආරම්භ වූ අරගලය ඊයේ දිනය වනවිට ක්‍රියාත්මක වූයේ 118 වැනි දිනටය.