අප්‍රිකානුවන් හමුවේත් ශ්‍රී ලංකා කාන්තා විස්සයි-20 පිලට කඩුලු 10ක දරුණු පරාජයක්

0
4

මේ දිනවල බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලයට එක්ව සිටින ශ්‍රී ලංකා පිල ඊයේ (4දා) ද. අප්‍රිකානුවන් හමුවේ කඩුලු 10ක දරුණු පරාජයක් අත්විඳගත්තාය.

ඒ අනුව ශ්‍රී ලංකා පිල පළමු වටයේදී සහභාගි වූ තරග තුනම (එංගලන්තය, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව) පරාජය විය.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායිකාව පළමුවෙන්ම ලකුණු රැස්කිරීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළාය. නදින් ඩි කර්ක් ප්‍රමුඛ අප්‍රිකානු පන්දු යවන්නියන් හමුවේ ශ්‍රී ලංකා පිලට පන්දුවාර 17.1කදී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 46ක් පමණි. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පමණක් ලකුණු 15 කඩඉම සපුරා ගත් නමුත් සෙසු කිසිඳු ශ්‍රී ලාංකික පිතිකාරිනියකට ලකුණු 10 සීමාවටවත් පිවිසීමට අප්‍රිකානු පන්දු යවන්නියන් ඉඩ ලබා නොදීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් ලැබුණු ඉලක්කය පන්දුවාර 6.1කදී කිසිවකු නොදැවී සපුරා ගත් අප්‍රිකානුවන් මෙම තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කළාය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව

(පන්දුවාර17.1කදී සියලු දෙනා දැවී) 46

(චමරි අතපත්තු 15, මල්ෂා ෂෙහානි 09, නදින් ඩි කර්ක් 3/7, මසබාටා ක්ලාස් 2/7)

ද. අප්‍රිකාව

(පන්දුවාර 6.1කදී කිසිවකු නොදැවී) 49

(තස්මින් බි්‍රට්ස් නොදැවී 21)