22 වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට යුපුන් අබේකෝන් සමත් විය.
යුපුන් අවසන් තරගය නිමා කිරීම සඳහා වැය කර තිබූ කාලය තත්පර 10.14කි.
ඒ අනුව, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් 100 තරගයක ලෝකඩ පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසට යුපුන් අබේකෝන් මේ ඉතිහාසගත වනු ඇත.
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක මීටර 100 අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූ පළමු සහ එක ම ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහු ය.
මේ අතර, 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සමගාමී ව පැවැත්වෙන පැරා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පාලිත හල්ගහවෙල රිදී පදක්කමක් ජයග්‍රහණය කළේ ය.
පිරිමි කවපෙත්ත විසිකිරීමේ (පැරා) ඉසව්වෙනු ඔහු මෙලෙස රිදී පදක්කම දිනා ගත්තේ ය.
පාලිත හලගහවෙලගෙදර දැක්වූ දක්ෂතාව සටහන් වී තිබුණේ, මීටර් 44.20ක් ලෙසිනි.
- ඡායාරූප: සමීර පීරිස් / සිලෝන් ඇත්ලටික්ස්
At a time when SL is facing hardship and economic turmoil 2 athletes have brought glory and recognition to SL. You have done us proud Palitha and Yupun. Well done boys for silver and bronze
Comments are closed.