ත්‍රීවීල් යළි පුරුදු රස්සාවට

6
2470

QR ක්‍රමය යටතේ ඉන්ධන ලබා දීම ආරම්භ වීමත් සමග ත්‍රිරෝද රථ රියැදුරන් යළි ඔවුනගේ සුපුරුදු ත්‍රිරෝද රථ රස්සාවට එළැඹ ඇතැයි නන් දෙසින් වාර්තා වේ.

මාස කිහිපයක් පුරා ත්‍රිරෝද රථ රියැදුරන් ඉන්ධන පෝලිම් ආශ්‍රිතව දිවි ගෙවූ අතර මේ හේතුවෙන් ඔවුන් මගී ප්‍රවාහන සේවාවෙන් ඉවත්ව සිටින ආකාරයක් නිරීක්ෂණය විය.

ත්‍රිරෝද රථ බහුලව ධාවනයේ යෙදෙන කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතවද පසුගිය වකවානුවේ එකදු ත්‍රිරෝද රථයක් සොයා ගැනීම දුෂ්කර වී තිබිණි.

කෙසේ නමුත් අගෝස්තු 1 වන දා සිට ක්‍රියාත්මක ශ්‍රී අ ක්‍රමවේදයත් සමග කෝටා ක්‍රමයට ඉන්ධන ලබා දීම ආරම්භ වීම සහ ත්‍රිරෝද රථ එක් ඉන්ධනහලකට ලියාපදිංචි කිරීම හේතුවෙන් මේ වනවිට ඔවුන් යළි ත්‍රීවීල් රස්සාවට අවතීර්ණ වී ඇති බව ද වාර්තා වේ.

6 COMMENTS

  1. ත්‍රි රෝද රථයට QR ක්‍රමයට ඕනෑම පිරවුම්හල් කින් එම ලීටර් 05 ලබා ගන්න අවසර දෙනවා නම් හොඳයි හේතුව එය කුලි රථයක් නිසා තවත් සමහරවිට නම් කරපු පිරවුම්හල ට ඉන්ධන නොලැබුනොත් එදාට රියැදුරාගෙ අදායම් මාර්ගය අවහිර වෙනවා.

    • QR ක්‍රමයට පෙට්ටල් ගැසීම ක්‍රියාත්මක කිරීම ගැන මං ගොඩක් සතුටට පත් වෙනවා. ඒ වගේම නියමිත ෂෙඩ් එකෙන් පෙට්‍රල් ගැසීම හැරෙන්නට ඕනෑම ෂෙඩ් එකකින් එම සතියට ලබා දෙන පෙට්‍රල් ලීටර් 5 ලබාගැනීමට අවස්ථාව ලබාදෙනවා නම් එය ඉතා අගනේය.

  2. ආදායම් මාර්ගය අවහිර කරගත්තේ එයාල විහින්මයි.ඔය ලැබෙන ප්‍රමාණය හොදටම ඇති. වැඩිපුර දෙන්න ගියාම ceypetco කරන රාජකාරිය එයාල බාර ගන්නවා. ගොඩක් අය ත්‍රීවීල්වල ගමන් යන එක නවත්වලා තියෙන්නෙ. ඉස්සර සතියකට හම්බකරපු මුදල දැන් එක හයර් එකකින් හොයනවා. ඉක්මනින්ම Taxi Meter ය සවිකළ යුතුයි.

Comments are closed.