BREAKING NEWS: ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමක්

0
226

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදු වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මේ බව තහවුරු කළේ ය.

ඔහු සඳහන් කළේ, විත්ති කූඩුව තුළ සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අදාළ වෙඩි තැබීම සිදු කර ඇත බව ය.

වෙඩි තැබූ පුද්ගලයා ගිනි අවිය ද රැගෙන පළා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

පළා යන අවස්ථාවේ සැකකරු පිරිස බිය ගැන්වීම සඳහා අහසට වෙඩි තැබීමක් ද සිදු කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, වෙඩි තැබීමෙන් කිසිවෙකුට ත් හානි සිදුවී නොමැති බව ය.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න…