දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් පිරිස අත්අඩංගුවට ගන්න පොලිසිය සහය පතයි (PHOTOS)

0
191

කොල්ලුපිටිය, පෙරහැර මාවතේදී බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට, පොලිස් අධිකාරීවරයෙකුට සහ තව ත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ පහර දීම් සහ පොලිස් කැබ් රථයකට හානි සිදු කළ ප්‍රධාන ක්‍රියාකාරීන් හඳුනා ගෙන ඇති අතර එම පුද්ගලයින්ගේ නිශ්චිත අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඔවුන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් ලබා දෙන ලෙස ය.

ඒ අනුව, ඔවුන් පිළිබඳ තොරතුරු දන්නේ නම් පහතින් දක්වා ඇති දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දුරකතන අංක – 0718591735, 0718592735, 0718591733

සැකකරුවන්ගේ ඡායාරූප පහතින් දැක්වේ.