පොලිස් තීරණයට එරෙහිව අරගලකරුවන්ගෙන් පෙත්සම්

1
222

ගාලු මුවදොර අරගල භූමියේ ඇති තාවකාලික ඉදිකිරීම් සහ පුද්ගලයින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබේ.

පොලිසිය ගෙන ඇති එම තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අගතියට පත් පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගාවන් වහා ම ඉවත් කරගන්නා ලෙස පොලිසිය ඊයේ (අගෝ. 3) දැනුම් දී තිබිණි.

ඒ අනුව, කොටුව පොලිසිය දැනුම් දී තිබුණේ හෙට (අගෝ. 5) සවස 5.00ට පෙර එම ඉදිකිරීම් ඉවත් කළ යුතු බව ය.

රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව ත් එම උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නීත්‍යනුකූල පියවර ගනු ලබන බව ති එහි සඳහන් කර තිබිණි.

එමගින් පොලිසිය අවධාරණය කර තිබුණේ, මහජනයාගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහා ම නවතාලන ලෙස ය.

1 COMMENT

  1. මහජනතාවට පීඩාවක් වෙන විදියට පාරවල් හාරලා ස්ථීර බැරියර් හදපු බොලා,ඒ පාරෙ පදිංචි උදවියට බැරියර් අස්සෙන් රිංගලා යන්න සලස්සපු උඹලා දැන් අනිත් මිනිස්සුන්ට චෝදනා කරන්නෙ කොහොමද කිසි ලැජ්ජාවක්,හිරිකිතයක් නැතිව

Comments are closed.