Lanka IOC සහ ICF මඟින් දෙහිවල එස්.ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ අඩු ආදායම්ලාභී සිසුන්ගේ පවුල් සඳහා වියළි සලාක

0
13

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟකම සහ ආර්ථික බිඳ වැටීම් හේතුවෙන් රට, පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණදී සිටින හෙයින් Lanka IOC සහ ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරි සංසදය ICF සමාජ සත්කාර ක්‍රියාකාරකම් රාශියක් තුළින් සමාජයට සේවයක් කිරීමට උත්සාහ දරයි. අධ්‍යාපනය යනු දිළිඳුකම පිටුදැකීමේ විශාලම මෙවලමකි. එමෙන්ම සමාජයේ ඉහළම ප්‍රමුඛතාව වනුයේ පාසල් දරුවන්ගේ පෝෂණයයි. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පවුල්වල සිසුන් සඳහා Lanka IOC සහ ICF එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන්ගේ අසරණ වූ පවුල් අතර රුපියල් මිලියන 2ක් වටිනා වියළි සලාක ද්‍රව්‍ය බෙදා දුන්නේය.

Lanka IOC සහ ICF හි මෙම ක්‍රියාවලිය පාසල් කළමනාකාරීත්වය කෘතඥතා පූර්වකව පිළිගෙන ඇති අතර මෙම අභියෝගාත්මක කාලය තුළ අසරණ පවුල් රැක බලා ගැනීම ප්‍රදේශයේ ප්‍රජාවගේ ඇගයීමට ලක්ව ඇත. විශේෂයෙන් ආහාර ද්‍රව්‍යවල උද්ධමනය තියුණු ලෙස ඉහළ යෑම නිසා විශාල වශයෙන් මහජනතාවට තම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම දුෂ්කර වී ඇත.

මෙම අවස්ථාවට අදහස් දක්වමින් Lanka IOC කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා පැවැසුවේ, Lanka IOC සැමවිටම ඉදිරිපත්වී යහපත් අරමුණක් සඳහා දායක වීමට උත්සාහ කරන බවයි. තවද ආයතනයේ මූලධර්ම සෑම විටම ඉලක්ක කර ඇත්තේ ආර්ථික අභියෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ජාතියේ අවශ්‍යතාවට අනුකූලව වර්තමාන ආහාර ද්‍රව්‍ය හිඟයට පිළියම් යෙදීමටය. මෙවැනි ක්‍රියාවලි තුළින් අවශ්‍යතා ඇති සිසුන්ගේ අඛණ්ඩ අධ්‍යාපනය සහතික කිරීම අපගේ අරමුණයි.

උත්සවයට Lanka IOC කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා, විදුහල්පති ජගත් ඉඩමේගම් මහතා, නියෝජ්‍ය විදුහල්පතිනි සබීතා ගුණතිලක මහත්මිය, ඉන්දීය ප්‍රධාන විධායක නිලධාරි සංසදය ICF නියෝජනය කරමින් ලංකා අශෝක් ලේලන්ඩ් හි ප්‍රධාන විධායක නිලධාරි උමේෂ් ගෞතම් මහතා සහ ප්ලැටිනම් රියැලිටි ඉන්වෙස්ට්මන්ට්ස්, වන් හොස්පිටැලිටි (PTPL) හි කළමනාකාර අධ්‍යක්ෂ කිර්ෂෝර් රිඩ්ඩි මහතා සහභාගි වූහ. Lanka IOC සහ ICF මෙම උදාර අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් පාසල් කළමනාකාරීත්වයට සිය කෘතඥතාව පළ කළහ.