ජෝසෆ් ස්ටාලින් රිමාන්ඩ්

0
150

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

මැයි 28 වන දා ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් ඊයේ (අගෝ. 3) ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.