“බන්ධනාගාරය තුළදී දුරකතනයක් භාවිත කළ” ධානිෂ් අලීට සිර දඬුවම්

0
264

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ් අලීට නව මැගසින් බන්ධනාගාරයේදී ජංගම දුරකතනයක් භාවිත කිරීමේ චෝදනා මත දින 14ක සිර දඩුවමක් නියම කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ, බන්ධනාගාර නීති රීතිවලට පටහැනිව තහනම් ද්‍රව්‍යයක් වන ජංගම දුරකතනයක් භාවිත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ ඔහු අද දින (අගෝ. 4) බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බව ය.

එහිදී සැකකරු කොළඹ අති‍‍රේක දිසා විනිසුරුවරයා ඉදිරියේ වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරු බවට පත් වී දින 14ක සිර දඬුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයට වෙත මාරු කර ඇත බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය.

ජාතික රූපවාහිනියට අයුතු ලෙස ඇතුළු වී එහි විකාශන කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් සැකකරු ජූලි මස 27 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.