ALERT: අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩු වන්නේ මෙහෙමයි

0
439

අද (අගෝ. 4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14%කින් පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා පහළ යනු ඇත.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා ප්‍රකාශ කළේ, මිල සංශෝධනය පෞද්ගලික බස් රථ සහ ශ්‍රී ලං.ග.ම බස් රථවලට ද අදාළ වන බව ත් එය සාමාන්‍ය බස් ගාස්තු සඳහා පමණක් බලපැවැත්වෙන බව ත් ය.