අද (අගෝ. 4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසයි.
mawbima.lk කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය.
නිලාන් මිරැන්ඩා මහතා ප්‍රකාශ කර සිටියේ, අදාළ මිල අඩු වීම පෞද්ගලික බස් රථ සහ ශ්‍රී ලං.ග.ම බස් රථවලට ද අදාළ වන බව ත් මෙලෙස මිල අඩු කරනු ලබන්නේ සාමාන්‍ය බස් ගාස්තු පමණක් බවත් ය.
බස් ගාස්තු පහළ දමන ප්‍රතිශතය අද (අගෝ. 4) දහවල් ප්‍රකාශයට පත් කරන බව ද ඔහු වැඩිදුරට ත් පැවසී ය.