ස්ටාලින් අත්අඩංගුවට

0
29

ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් කොටුව පොලිසිය විසින් ඊයේ (03දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. ඔහු කොටුව, ගුරු මැඳුරේ ඇති ලංකා ගුරු සංගමයේ. 

ප්‍රධාන කාර්යාලයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  ඉකුත්  මැයි මස 28 වැනිදා අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණ කිරීම සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසයි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අතර අරගලයට සම්බන්ධ බවට චෝදනා නඟමින් කිරිඳිවැල කොස්වත්තේ මහානාම හිමියන්ද කිරුළපන හන්දියේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

කීර්ති මෙන්ඩිස්