ශා.ජෝශප් සහ ශා. බෙනඩික් සිව්වැනි ජය ලබතිි

0
10

ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ තම සිව්වැනි ජය වාර්තා කිරීමට මේ දක්වා අපරාජිතව පසුවන කොළඹ ශාන්ත ජෝශප් සහ කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාල සමත්වූහ.  

මෙම තරගවලදී කොළඹ ශා. ජෝශප්, මහනුවර ශාන්ත සිල්වෙස්තර, ශා.බෙනඩික්, කොළඹ මහානාම, ගල්කිස්ස ශාන්ත තෝමස් සහ කොළඹ වෙස්ලි යන කණ්ඩායම් ජය වාර්තා කළහ.

කොළඹ ශාන්ත ජෝශප් – කොළඹ ආනන්ද

ආනන්ද – 128

(මිහින් මුණසිංහ 56, කවේන් පතිරණ 10/3, යෙනුල දෙව්තුස 17/3, දුනික් පෙරේරා 28/3)

ශාන්ත ජෝශප් – 129/3

(රිශ්ම අමරසිංහ නොදැවී 75, රමිරු සිල්වා 32/2),

ශාන්ත ජෝශප් විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

මහනුවර ශාන්ත සිල්වෙස්තර_කෑගල්ල ශාන්ත මරියා

ශාන්ත සිල්වෙස්තර – 195/8

(ලක්ෂිත හේරත් 51, කාශ්‍යප දිසානායක 32, යෝෂිත ඉසුරංග 32, අශාන් උඩවත්ත 35/3, ඔකිත බාලසූරිය 18/2)

ශාන්ත මරියා – 74

(දුලින රණසිංහ 10/4, නිමේෂ් සිල්වා 5/2, යෝෂිත ඉසුරංග 28/2)

ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට ලකුණු 121ක ජයක්.

කොටහේන ශාන්ත බෙනඩික්_පාදුක්ක සිරි පියරතන

සිරි පියරතන- 55

(මෙවන් දිසානායක 5/4, යොහාන්  එදිරිසිංහ 1/02, මෙතුල් ලියනාරච්චි 13/2)

ශාන්ත බෙනඩික් – 60/1

ශාන්ත බෙනඩික් විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

කොළඹ මහානාම_පානදුර ශාන්ත ජෝන්

ශාන්ත ජෝන් – 143

(දෙනෙත් පීරිස් 36, ගිමන්ත දිසානායක 15/2, ඔසඳ මුතුගම  16/2, චාමික හීනටිගල 20//2, දුල්නිත් සිගේරා 24/2)

මහානාම – 144/2

(දුල්නිත් සිගේරා 56, සිතික කුලතුංග 29)

මහානාම විද්‍යාලයට කඩුලු 8ක ජයක්.

ගල්කිස්ස ශාන්ත තෝමස්-කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය

ශාන්ත තෝමස් – 195

(දිනෙත් ගුණවර්ධන 75, හේවාලුණුවිලගේ බෝධිලක්ෂ 32/5, කළණ පෙරේරා 33/2)

ආනන්ද ශාස්ත්‍රාලය – 111/5

(බිනුප ටත්මිර 26, රජිඳු තිලකරත්න 18/2)

ශාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

කොළඹ වෙස්ලි-පන්නිපිටිය ධර්මපාල

වෙස්ලි – 234/4

(අනුග පහන්සර 85, මනුත් සමරකෝන් නොදැවී 52, රවිඳු සිගේරා 31)

ධර්මපාල – 65

(රවිඳු සිගේරා 16/3, ජේතන් වයමන් 16/3)

වෙස්ලි විද්‍යාලයට ලකුණු 169ක ජයක්.

ඉෂාන් රශ්මිත