රනිල්ගේ ඇරැයුම සජබ පිළිගනී

0
31

සර්වපාක්ෂික වැඩපිළිවෙළක් සඳහා ජනාධිපති  රනිල් වික්‍රමසිංහ ආරාධනා කළ සංවාදයට සමගි  බලවේගය හා සමගි ජන සන්ධානය කැමැත්ත පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර ඇත. ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා වන ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා සිදු කරන සංවාදය පිළිගන්නා බව විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් පසුගිය ජූලි  29 වැනිදා එවන ලද ලිපියට පිළිතුරු වශයෙන් විපක්ෂ නායකවරයා මෙය සඳහන් කර ඇත.

දැනට අප මාතෘ භූමියෙහි උද්ගතව ඇති ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය නිමකොට ජනජීවිත යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගත යුතුව ඇතැයිද එම ලිපියේ හෙතෙම පෙන්වාදී ඇත.

එකී කරුණු සැලකිල්ලට ගෙන ඉහත ලිපියෙහි සඳහන් පරිදි රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිළියම් සෙවීම සඳහා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හ¾දුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදයකට ජනාධිපතිවරයා විසින් කර ඇති ආරාධනය සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය පිළිගැනීමට තීරණය කර ඇති බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නිර්මාණි ගුණරත්න