පැන්මුර් ජලාශයට වැටී අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

0
23

හැටන්, ඇබොස්ලි වතුයායේ පිහිටි පැන්මුර් ජලාශයට වැටී අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර කොළඹ නාවික හමුදා කඳවුරේ කිමිඳුම්කරුවන් ඊයේ (03දා) දින එම ජලාශයේ තිබී ගොඩගනු ලැබීය.

මෙසේ ගොඩ ගත්තේ හැටන් ඇබොස්ලි වතුයායේ, මොන්ටිෆෙයාර් වතුයායේ පදිංච සිටි මයිකල් භවන් නමැති 22 හැවිරිදි තරුණයාගේ සිරුරයි.

මෙම තරුණයා ඔහුගේ මිතුරන් දෙදෙනකු සමඟ ඉකුත් 01 වැනිදා රාත්‍රියේ නිවෙසට යමින් සිටියදී එම තරුණයා ගමන්ගත් මාර්ගය අබියස පිහිටි පැන්මුර් ජලාශයට ලිස්සා ගොස් වැටී අතුරුදන් වී තිබිණි.

ජලාශයේ තිබී ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට හැටන් පොලිසිය පියවර ගෙන ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ එම ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසා ඇති මෙම තරුණයා ලිස්සා ගොස් ජලාශයට වැටී ජීවිතක්ෂයට පත් වන්නට ඇති බව හැටන් පොලිසිය පවසයි.

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි,

වටවල – සී.ඩී.එච්. හේවගේ