ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන තෙදින විවාදයක්

0
20

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් තෙදින විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයන් ඊයේ (3දා) තීරණය කර තිබේ. ඊයේ (3දා) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම  තීරණය ගෙන ඇත. ඒ අනුව අගෝස්තු 9, 10 සහ 12 යන තෙදින මෙම විවාදය සිදුකිරීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (3දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලදී. තවද මෙතෙක්   පෙරවරු 10.00ට ආරම්භ වූ පාර්ලිමේන්තුව අගෝස්තු (9දා) පස්වරු 1.00ට ආරම්භ කිරීමට තීරණය කිරීම විශේෂත්වයකි.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි