ජනපතිගේ දර්ශනය මගේ දර්ශනය හා සමානයි

0
51

අලුත් රටක් ගොඩනැඟීමට නම් සීමිත කාලයක් සඳහා සර්ව පාක්ෂික හෝ බහු පක්ෂ රජයක් පිහිටු විය යුතු බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එසේ කළහොත් අනාගත පරම්පරාවට සාධාරණයක් ඉටු කිරීමට හැකි වන බවද  එම පණිවුඩයේ සඳහන් වේ.

ඉන්දු – පැසිෆික් ආර්ථික බල ප්‍රදේශය තුළ ශ්‍රී  ලංකාව කේන්ද්‍රස්ථානයක් ලෙස නවීන අපනයන ක්‍රියාවලියට නැඹුරු වූ තරගකාරී සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් දක්වා දියුණු කළ යුතු යැයිද ඔහු පවසා ඇත.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ වැඩසටහනට තමන් එකඟ බවත් එය තම දර්ශනය හා සමාන වන බවත් ඔහු එහි දක්වා තිබේ.  ඒ සඳහා  විශාල  ප්‍රතිසංස්කරණ අවශ්‍ය  වන බවත්  මහජනතාව එකඟ කරවා ගැනීමද කළ යුතු බවත්  මන්ත්‍රිවරයා එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

නිර්මාණි ගුණරත්න