එදා ජනපති පුටුවේ. අද බන්ධනාගාරයේ

0
37

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති මන්දිරය තුළ අසුන් ගන්නා පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් මස 9 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීම සඳහා අසුන් ගන්නා ප්‍රධාන පුටුවේ රැඳෙමින් කතාබස් කරන අයුරු මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා විසින්ද ප්‍රචාරය කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධ විමර්ශන පැවැත්වූ පොලිසිය ඉකුත් 2 වැනිදා දහවල් කාලයේදී සැකකරු දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ජනාධිපතිවරයා රැඳුණු පුටුවේ සැකකරු රැඳී සිටියදී සෙසු පුටුවල සිටින පුද්ගලයන් හඳුනා ගැනීමටද මෙම විමර්ශන සිදු කෙරේ. සමන්පුරගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි සැකකරු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 10 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කීර්ති මෙන්ඩිස්