ALERT: ගාලු මුවදොර ‘අනවසරයෙන් රැඳී සිටින්නන්ට’ පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

0
175

ගාලු මුවදොර පිටිය සහ ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියලු ම පුද්ගලයින් වෙත කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුම් දීමක් සිදු කර තිබේ.

ඒ අනුව, ගාලු මුවදොර පිටිය සහ ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ අනවසරයෙන් කළ ඉදි කිරීම් හා භෝග වගා කිරීම් වහා ම ඉවත් කරන ලෙස දැනුම් දී ඇත.

අගෝස්තු 5 වන දා සවස 5.00ට පෙර මේ පිළිබඳව පියවර ගත යුතු බව ත් රටේ පවතින නීතියට අනුකූලව සහ මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බව ත් එමගින් දැනුම් දී තිබේ.

අදාළ උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් නිත්‍යනුකූල පියවර ගනු ලබන බව ද කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා සිදු කළ දැනුම් දීමේ වැඩිදුරට ත් සඳහන් කර ඇත.