ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම: ඡායාරූපවලින් කියවමු (PHOTOS)

0
278

9 වන පාර්ලිමේන්තුවේ තෙවන සැසි වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (අගෝ. 3) උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේ ය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණීම චාම් උත්සවයක් ලෙස පවත්වන පැවැත්වුණු අතර ආචාර වෙඩි මුර සහ රථ සහ අශ්වාරෝහක පෙළපාලි නොමැතිව එය සිදු කිරීම විශේෂත්වයකි.

එම අවස්ථාවේ ඡායාරූප පෙළක් පහතින් දැක්වේ.