LIFE ව්‍යාපෘතිය සමඟින් HNB තිරසර සංවර්ධනය සඳහා වන සිය කැපවීම තවත් ශක්තිමත් කරයි

0
16

තිරසර සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සඳහා ඇති සිය කැපවීම ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කන්නෙලිය රක්ෂිතයේ වැසි වනාන්තරයක්ව තිබූ මේ වනවිට විනාශයට පත්වී ඇති හෙක්ටයාර 2.5ක බිම් කොටසක් පරසි තිස්ථාපනය කර කළමනාකරණය කිරීමේ සිය Life ව්‍යාපෘතියේ 4 වැනි වසර පසුගියදා සම්පූර්ණ කළේය.

සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ (IUCN) තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව ආයතනය (BSL) විසින් ක්‍රියාත්මක කරන ලද මෙම පස් අවුරුදු ප්‍රතිසංස්කරණ වැඩසටහන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ ක්‍රිියාත්මක වේ. පැළ තවාන් දැමීම, පැළෑටිවලට පොහොර යෙදීම, පාංශු සංරක්ෂණය, පැළ ආරක්ෂණ ක්‍රම සහ වියළි කාලයේදී පැළවලට ජලය යෙදීම ආදිය සහතික කරන මෙම ව්‍යාපෘතිය සඳහා බැංකුව ක්‍රියාකාරී දායකත්වයක් ලබාදී ඇත.

සාර්ථකව තවත් ඵලදායී වසරක් සම්පූර්ණ කිරීම පිළිබඳව අදහස් දක්වමින් HNB Sustainability/DGM/CHRO ප්‍රධානී එල්. චිරන්ති කුරේ මහත්මිය පැවැසුවේ “කන්නෙලිය රක්ෂිතයේ මේ දක්වා අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ HNB හි අප සතුටු වෙනවා. මීට කලකදී විනාශවී ඇතැයි සැලකූ භූමියක් මේ වන විට රටේ පරිසර පද්ධතියේ විවිධ ජීවී විශේෂවලට නිවහනක් සපයන ජීවයේ පරහත භවයක් බවට පත්වෙමින් තිබෙනවා” යනුවෙනි. “මෙවැනි වැදගත් ව්‍යාපෘතියක් සමඟ හවුල් වීම අපගේ ආයතනය තුළ පමණක් නොව පරිසරය තුළද HNB හි තිරසර සංවර්ධන සඳහා වන කැපවීම තවත් ශක්තිමත් කරනවා.

ආර්ථික අවිනිශ්චිතතාවය මධ්‍යයේ වුවද මේ සම්බන්ධව සාර්ථකව කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව ආයතනය, සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අප බෙහෙවින් ස්තූති වනවා. රටේ පාරිසරික සම්පත් නොනැසී පවත්වා ගෙන යෑමට ඔවුන් දරන උත්සාහය අගය කළ යුතු අතර මෙම ව්‍යාපෘතියේ අවසානය දක්වා ඔවුන්ට සහයෝගය දැක්වීමට HNB අපේක්ෂා කරනවා” යනුවෙන් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

කන්නෙලිය දෙදියගල නාකියාදෙණිය (KDN) යනු සිංහරාජය හැරුණු විට ශ්‍රී ලංකාවේ ඉතිරිව ඇති දෙවැනි විශාලතම වන සංකීර්ණයවේ. මෙම සංකීර්ණය 1995දී වන සංරක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර මෙම භූමිය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මෙරට තවත් ආයතන කිහිපයක් සමඟ අත්වැල් බැඳගනිමින් එය කළමනාකරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් හේතුවෙන් මෙම භූමිය ප්‍රතිරෝපණයේදී කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව මෙම ව්‍යාපෘතියේ තත්ත්වය දැක්වෙන වාර්තාවකින් සොයා ගෙන ඇත.