වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ පේදුරුතුඩුව ශාඛාව ATM හා CDM පහසුම්ක්ද සමඟින් අංක 86 කෙළින් වීදිය පේදුරුතුඩුව යන ලිපිනයෙහි පිහිටි නව ගොඩනැඟිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගියදා සිදු කෙරිණි. පවතින සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සංවිධානය කෙරුණු එම උත්සවයට ලංකා බැංකුවේ සහකාර මහ කළමනාකරු (උතුරු පළාත), වී. සිවානන්දන්, (මෙහෙයුම් කළමනාකරු) (උතුරු පළාත) එස්. ආනන්දරාජා, ප්‍රධාන කළමනාකරු (යාපනය අධි ශේර්ණියේ ශාඛාව) කේ. සිවඥානසුන්දරම්, ප්‍රාදේශීය කළමනාකාරිණි (යාපනය – නැඟෙනහිර) යූ. යෝගරාජසිංහ, පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රියන්ත අමරසිංහ සහ පේදුරුතුඩුව ශාඛාවේ කළමනාකරු ආර්. රත්නරාජ් යන මහත්ම මහත්මීහු ඇතුළු පේදුරුතුඩුව ශාඛාවේ කාර්ය මණ්ඩල සමාජික සාමාජිකාවෝ සහභාගි වූහ.
පේදුරුතුඩුව ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන ගනුදෙනුකරුවන් සාමාජීය හා ආර්ථික වශයෙන් බලගැන්වීම් සඳහා මූල්‍ය පහසුම් සමඟින් ප්‍රධාන බැංකු සේවාවන් රැසක් ලබාදීම ප්‍රතිස්ථාපිත BOC ශාඛාවේ අරමුණයි. එමෙන්ම ඩිජිටල්කරණය වූ බැංකු පහසුකම් ඇතුළු සුවිශේෂී පහසුකම් රාශියක් ලබා ගැනීමේ හැකියාව මෙහිදී ලංකා බැංකුව මඟින් තම ගනුදෙනුකරුවන්ට උදා කර දී ඇත.
දිවයින පුරා පිහිටා ඇති 646ක් වූ ලංකා බැංකු ශාඛා ජාලය සමඟ සම්බන්ධ වී ඇති නිසා ගනුදෙනුකරුවන්ට පේදුරුතුඩුව ශාඛාව හරහා රටේ ඕනෑම් ප්‍රදේශයක බැංකු ගනුදෙනු සිදු කිරීමේ වරප්‍රසාදය හිමිවේ. ඉතිරිකිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, ආයෝජන සැලසුම්, නිවාස හා පෞද්ගලික ණය, අධ්‍යාපන ණය, කල්බදු, උකස් සේවා වැනි මූල්‍ය පහසුකම් රැසක් මෙන්ම් සුවිශේෂී ණය පහසුකම්ද මෙම ශාඛාව මඟින් ලබා ගතහැකි වීම් විශේෂිතය. එමෙන්ම ගනුදෙනුකරුවන්ට ච්ඥඡඪබ හා ඛ්පඥඤඪබ කාඩ් පත්, ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීමේ පහසුකම් මෙන්ම ප්‍රේෂණ සේවාවන්ද සහිතව BOC පේදුරුතුඩුව ශාඛාව මඟින් අංගසම්පූර්ණ බැංකු සේවාවක් ලබා ගත හැකි වේ.
මහජනතාව වෙත ඩිජිටල් බැංකු සේවාවෙහි නව අත්දැකීම් ලබාදීමම සඳහා නිබඳවම වෙහෙසෙන ලංකා බැංකුව ඒ වෙනුවෙන්ම SmartPay, Smart Online Banking, Mobile Banking (B App) E – Commerce සක්‍රිය Debit Card BOC Connect (නියෝජිත බැංකු සේවාව) Branch on Wheels (ජංගම බැංකු ශාඛා), Smart (Zone BOC Digi) (ඩිජිටල් ශාඛා) Smart Pass Book (විද්‍යුත් පාස් පොත) SmartGen ඩිජිටල් ගිණුම අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් ක්‍රමවේදය සහ ගිණුම විවෘත කිරීම් පෞද්ගලික/නිවාස ණය සඳහා අයැදුම් කිරීම ආදී සේවාවන් මාර්ගගතව (Online) ලබා ගැනීමේ හැකියාව වැනි ඩිජිටල් බැංකුකරණ විසඳුම් රැසක් තම් ගනුදෙනුකරුවන් වෙත හඳුන්වාදීමට කටයුතු කර ඇත. මේ ඩිජිටල් පහසුකම් නිසා පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් දෛනික බැංකු ගනුදෙනු සිදු කිරීමේ අවස්ථාව උදාවී තිබේ.