ජනාධිපති රනිල් වික්‍රමසිංහ යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවට දායකත්වය ලබා නොදෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.
අද (අගෝ. 03) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.
“ඔහු යෝජනා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොවෙයි. ඔහුගේ සහ රාජපක්ෂලාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවකට අනිත් කණ්ඩායම්වල සහය දැක්වීමයි. එය කරන්න අපි කිසිසේත් ම සම්බන්ධ වෙන්නේ නැහැ. නිවැරදි සෑම පක්ෂයේ ම සම අයිතිය නියෝජනය වන සෑම තීන්දුවකට පක්ෂයකට ම සම දායකත්වය නියෝජනය කර ගන්න හැකි වන ආකාරයේ සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳව අපි යෝජනාව ඉදිරිපත් කරා ඒ යෝජනාව අසාර්ථක වී තිබෙනවා.”
ආණ්ඩුව මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා කෙටිකාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළහොත් එහි ඇති සාධනීය ලක්ෂණ සලකා බලා ජාතික ජන බලවේගය ඊට අදහස් ඉදිරිපත් කරන බව අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඔහු වැඩිදුරට ත් සදහන් කළේ, ජනාධිපතිවරයා කිසිදු තැනක සර්ව පාක්ෂික ආණ්ඩුවට පැවරෙන වගකීම්, කාලය සහ කාර්යභාරය පිළිබඳව සඳහනක් සිදු කර නොමැති බව ය.
Aiyo Anura,
Oyaa hamadaama second class neda? Chanda thunai balaya niyamata penvanavaa.
Second class නොවේ first class.. මෙහෙම නිවැරදි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා ඒකට පයින් ගහල උන්ගේ තක්කඩි කම් කරගෙන යන තක්කඩි ක්‍රමය කරන්න ඔහුසහ පක්ෂය පිරිහිලා නැහැ….
Always reasons for Rejection and Protesting. “Nokerena wedakamata
konduru thel hath pattayak one”
Ranil and RAJAPAKAHA’s already have their people in top positions in the government. They just want show the world that we are united. That is the truth. Don’t get fooled
Comments are closed.