AIA, අඛණ්ඩව 8 වැනි වසරටත් MDRT සඳහා අංක 1 ස්ථානයට පත් වේ!

0
9

AIA සමූහ සමාගම අඛණ්ඩව සාර්ථක 8 වැනි වසරටත් MDRT ජයග්‍රහණය සඳහා ලොව විශාලතම සාමාජිකයන් පිරිසක් බිහිකළ බව මහත් සාඩම්බරයෙන් ප්‍රකාශ කර සිටියි. 2010 වසරේදී සිදු වූ සමාගමේ මූලික කොටස් නිකුතුවේ සිට එහි MDRT සාමාජිකත්වය 768%ක් දක්වා ප්‍රශංසනීය වර්ධනයක් අත්පත් කරගෙන ඇත.

AIA සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි සහ සභාපති වන ලී යුඅන් සියොන් මහතා සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ “අඛණ්ඩව වාර්තාගත 8 වැනි වසරටත් ජාත්‍යන්තර වශයෙන් වැඩිම MDRT සාමාජිකත්වයකට හිමිකම් කීමට හැකිවීම අපට මහත් සතුටක්.  අපගේ  විශ්වාසවන්ත සහ ඉහළ වෘත්තීයභාවයෙන් යුත් නියෝජිතයන් සමාගමේ අසමසම බෙදාහැරීම් ක්‍රියාවලිය සඳහා කේන්ද්‍රීය වන අතර ඔවුන් විසින් මිලියන සංඛ්‍යාත ජනතාවකට AIA සමූහය වෙනුවෙන් එහි සන්නාම ප්‍රතිඥාව වන සුවපත්, සැපවත් දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීම සඳහා සිය උපරිම ශක්තිය ලබා දෙනවා.”

AIA සමාගමේ කලාපීය ප්‍රධාන විධායක සහ සමූහ ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී ජැකී චෑන්  කියා සිටියේ MDRT සාමාජිකත්වයෙන් ලොව අංක 1කේ බහුජාතික සමාගම ලෙස සම්මානයෙන් පිදුම් ලැබීම අපට ආඩම්බරයක්. සංකීර්ණ වූ මෙහෙයුම් පරිසරයක් ඇති පසුබිමක් තුළ මෙවන් සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කරගැනීමෙන් පිළිබිඹු වන්නේ අපගේ නියෝජිතයින්ගේ කැපවීමයි.  අප ආසියානු කලාපය පුරාවට කඩිනම්ව අපගේ ප්‍රිමියර් ඒජන්සි මොඩලය ක්‍රියාත්මක කරන අතරම ඉහළ ගුණාත්මක භාවයකින් යුතු උපදේශක බළකායක් බිහිකිරීම සඳහා අඛණ්ඩව ආයෝජනය කරනවා.

ඩොලර් මිලියනයේ වට මේසය (MDRT) රක්ෂණ නියෝජිතයන් හට ජාත්‍යන්තරව ලැබෙන ඉහළම ඇගයීමයි. MDRT සාමාජිකයන් විශිෂ්ට වූ වෘත්තීය දැනුමෙන් යුක්තවීම, දැඩි ආචාරධර්ම පද්ධතියකට අනුකූලව ක්‍රියාත්මක වීම සහ ප්‍රශස්ත වූ සේවාලාභී සත්කාරය යන කරුණු මෙම ඇගයුමට ලක්වීම සඳහා හේතුවේ. MDRT සාමාජිකත්වය රක්ෂණ සහ මූල්‍ය සේවා ක්‍ෂේත්‍රය තුළ ළඟා කරගන්නා විශිෂ්ටත්වය, ජාත්‍යන්තරයේ ඇගයෙන මිනුම් දණ්ඩ ලෙස සැලකේ.