සජිත්ගෙන් රනිල්ට පිළිතුරු ලිපියක්

0
336

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජූලි 29 වන දා යැවූ ලිපියකට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිතුරු ලිපියක් යවා තිබේ.

එම පිළිතුරු ලිපියේ දැක්වෙන්නේ, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කළ ආරාධනය සමගි ජන බලවේගය ඇතුළු සමගි ජන සන්ධානය පිළිගැනීමට තීරණය කර ඇති බව ය.

ඒ අනුව රටේ පවතින ආර්ථික, දේශපාලන සහ සමාජයීය ගැටලු අවසන් කර ජන ජීවිත යථාවත් කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බව එම ලිපියේ විපක්ෂ නායකවරයා වැඩිදුරට ත් සඳහන් කර තිබේ.