හිසට වෙඩි තබාගත් එස්.අයි.ට බරපතළයි

0
14

අම්පාර මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයකු තම රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබා ගැනීම හේතුවෙන් අම්පාර මහා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

අම්පාර මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරුන්ගේ තනිකඩ භට නිවාසය ඉදිරිපිටදී මෙම වෙඩි තබා ගැනීම සිදුකර ගෙන තිබේ. පසුව පොලිස් නිලධාරීන් එක්ව ඔහු අම්පාර මහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම රෝගියා වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා වෙනත් රෝහලකට මාරුකළ යුතුව ඇතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවන බැවින් එය කළ නොහැකි  බවද වෛද්‍ය අධිකාරි උපුල් විජේනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම වෙඩි තබා ගැනීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් නැඟෙනහිර දිසාව භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද මහතාගේ උපදෙස් පරිදි පවත්වති.

අම්පාර –  ධනුෂ්කා දිල්හාණි