බලපත්ර නොමැතිව රුපියල් එක්ලක්ෂ අසූ දෙදහසකට (182,000) අධික වටිනාකමකින් යුත් ඩීසල් ලීටර් 415ක් වැඩි මිලට අලෙවි කිරීම සඳහා ගබඩා කරගෙන සිටි පුද්ගලයකු ගිරාඳුරුකෝට්ටේ හැංගුම ප්රදේශයේදී පෙරේදා (01දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 41 හැවිරිදි වියේ පසුවන ගිරාඳුරුකෝට්ට හැංගුම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වෙත ලද තොරතුරක් මත බදුල්ල කොට්ඨාසය භාර ජේයෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත ගිරාඳුරුකෝට්ට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සුදේෂ් චතුරංග, පොලිස් පරීක්ෂක මනෝජ් සම්පත්, පො.සැ. අමරසේකර (59610), පො.සැ. ප්රියන්ත(60329), පො.කො. සම්පත් (66632) සහ පො.කො. ජයන්ත (70456) යන නිලධාරීන් විසින් වැටලීම කර ඇති අතර සැකකරු සහ ඉන්ධන තොගය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බදුල්ල _ නිශාන්ත අබේගුණවර්ධන