සඟවා තිබූ ඩීසල් බැරල් 6ක් සමඟ අයෙක් අත්අඩංගුවට

0
12

මඩකළපුව, කාත්තාන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ ආරයන්පති, සෙල්වාන්ගර්හි ඩීසල් ලීටර් 135ක් සමඟ එක් අයකු අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති එස්.ඒ. රහීම් පවසයි.

මඩකළපුව දිස්ත්‍රික්ක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිගේ නියෝග මත කාත්තාන්කුඩි පොලිස් ස්ථානාධිපතිවරයාගේ මඟපෙන්වීමෙන්  ජනතාව ලබාදුන් තොරතුරු අනුව බැරල් 6ක  සඟවා තැබූ ඉන්ධන තොගය පොලිසිය  භාරයට ගෙන ඇත.අත්අඩංගුවට පත් සැකකරු මඩකළපුව මහෙස්ත්‍රාත්  අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිත අතර  කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශනය කරයි..’

මඩකළපුව – ජේ. ඛාන්