රචින්තගෙන් තුන් ඉරියව් දස්කම්

0
12

ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ පසුගියදා පැවැති තරගයකදී කොළඹ කේරි විද්‍යාලයට එරෙහිව තුන් ඉරියව් දස්කම් දැක්වීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ රචින්ත ද සිල්වා සමත්විය.

දකුණත් මඳ වේගපන්දු යවන රචින්ත ද සිල්වා කේරි විද්‍යාලයට එරෙහිව ලකුණු 26කට කඩුලු 7ක් දවාලූ අතර, දක්ෂ පිතිහරඹයක් දියත්කරමින් ලකුණු 83ක් ද රැස් කළේය.

මෙම තරගවලදී කොළඹ වෙස්ලි විද්‍යාලයේ සිතුක හංසිත් සහ ලිතුම් සෙනුජ දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව නොදැවී ශතක රැස් කළ අතර, කුරුණෑගල මලියදේව විද්‍යාලයේ තිවංක දිසානායක ද පොළොන්නරුව රාජකීය විද්‍යාලයට එරෙහිව නොදැවී ශතකයක් රැස් කළේය.

මෙම තරගයකදී කොළඹ වෙස්ලි විද්‍යාලය දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු  153ක ජයක් ලැබූ අතර, කළුතර සිරිකුරුස විද්‍යාලය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය ඉනිමකින් සහ එක් ලකුණකින් පැරදවීය.

මෙම තරගවලදී අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද, කොළඹ තර්ස්ටන්, බම්බලපිටිය ශාන්ත පීතර, මොරටුව වේල්ස් කුමර සහ වත්තල ශාන්ත අන්තෝනි යන කණ්ඩායම් පළමු ඉනිමේ ජය වාර්තා කළහ. 

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද-මීපාවල අමරසූරිය

අමරසූරිය පළමු ඉනිම – 45 (සිසුරු සිල්වා 7/4, මහිම් දේශායි 1/02, දුමිඳු ද සිල්වා 3/2, ඉඳුවර දෙනෙත් 14/2), ශ්‍රී දේවානන්ද පළමු ඉනිම 114/5 (ලුදීෂ නම්සර නොදැවී 35, සවීන් තියුනුවන් 23, චමිඳු ගමගේ නොදැවී 22, ශමෝද් ගිහාන් 49/3, අධීෂ උමයංග 29/2), අමරසූරිය දෙවැනි ඉනිම – 12/4 (සවීන් තියුනුවන් 4/3)

කොළඹ තර්ස්ටන්-කොළඹ කේරි

කේරි පළමු ඉනිම – 93 (අමාඩ් අෆ්ඩාල් 26, රචින්ත ද සිල්වා 26/7),

තර්ස්ටන් පළමු ඉනිම – 150/6 (රචින්ත ද සිල්වා 83, යෙහෙන් කෙනුල් නොදැවී 24, අමාඩ් අෆ්ඩාල් 37/4),

කේරි දෙවැනි ඉනිම – 122/5 (තබිත් රස්ෆිකාර් 59, රුසඳු ලියනගේ 22/3, කළණ හේවාවිතාරණ 27/2)

කළුතර සිරිකුරුස-කරන්දෙණිය ම.ම.වි.

කරන්දෙණිය ම.මවි. පළමු ඉනිම – 71 (සඳරු නිම්නෙත් 30, දේශාන් ද සිල්වා 22/3, විහඟ සිල්වා 2/22), සිරිකුරුස පළමු ඉනිම 140/7  (සඳරු ප්‍රනාන්දු නොදැවී 29, දේශාන් ද සිල්වා 28, විහඟ සිල්වා නොදැවී 26, බෙනුක රෙහාන් 10/2, සඳරු සහස් 28/2), කරන්දෙණිය ම.ම.වි. දෙවැනි ඉනිම – 68 (විහඟ කාව්‍ය 24, දේශාන් ද සිල්වා 33/6, කවීෂ ප්‍රනාන්දු 21/3)

කොළඹ වෙස්ලි-දෙහිවල එස්. ද එස්. ජයසිංහ ම.ම.වි.

එස්. ද එස්. ජයසිංහ ම.ම.වි. පළමු ඉනිම – 63 (එරේන් අලි 16/6, ලිතුම් සෙනුජ 6/2), වෙස්ලි පළමු ඉනිම – 272/2 (සිතුක හංසිත් නොදැවී 117, ලිතුම් සෙනුජ නොදැවී 101, හිරුෂ ද ලිවේරා 44), එස්. ද එස්. ජයසිංහ දෙවැනි ඉනිම – 56 (මිනුක මන්දිනු 25/6, සිතුක හංසිත් 8/3)

බම්බලපිටිය ශාන්ත පීතර-කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ම.වි.

ශාන්ත පීතර පළමු ඉනිම – 179/6 (ඕෂධ අකලංක නොදැවී 53, ජෝශුවා සෙබස්තියන් 39, දිනෙත් පන්සිළු 43/2), ශ්‍රී ජයවර්ධනපුර ම.වි. පළමු ඉනිම 84/9 (ජනිත් පණ්ඩිතරත්න 18/2, රෆායෙල් හෙට්ටිගේ 22/2), ශාන්ත පීතර දෙවැනි ඉනිම – 98/3

මොරටුව වේල්ස් කුමර_පිළියන්දල ම.ම.වි.

වේල්ස් කුමර පළමු ඉනිම – 208/9 (මතීෂ අපෝන්සු 67, නෙතුල් අනුහස් 50, ප්‍රවීන් රංගන 38, සනුත කුලනිත් 25/4), පිළියන්දල ම.ම.වි. පළමු ඉනිම – 159 (මතීෂ අනුරුද්ධ 52, ජයනිත මෙන්ඩිස් 46, රුසිඳු සිල්වා 13/4, නෙතුල් අනුහස් 24/3, සුහස් රණවන 24/2) 

වත්තල ශාන්ත අන්තෝනි-ක¼දාන දි මැසිනෝද්

දි මැසිනෝද් පළමු ඉනිම – 67 (තිමිර සඳරු 33/5, ශාමික රුසෙන්ත 19/3, කවිඳු විහඟ 10/2), වත්තල ශාන්ත අන්තෝනි පළමු ඉනිම – 117  (කවිඳු විහඟ 32, මෙවන් නවෝෂ 20/7, තිසංග සෙමිත් 46/2), දි මැසිනෝද් දෙවැනි ඉනිම – 168/7 (අශේන් ගොඩ්ප්‍රි නොදැවී 44, තිසංග සෙමිත් 39, චාමර ලක්ෂාන් 47/4, කවිඳු විහඟ 71/2), ශාන්ත අන්තෝනි දෙවැනි ඉනිම – 105/5 (කවිඳු විහඟ නොදැවී 59, දිනිදු සස්මිත් 54/3)

ඉෂාන් රශ්මිත