පෙට්රල් ප්‍රවාහනය කළ පිරවුම්හල් හිමිකරු දැලේ

0
10

මහනුවර, අලවතුගොඩ පිහිටි පෞද්ගලික ඉන්ධන පිරවුම්හලක හිමිකරුවකු වැඩි මිලට අලෙවි කිරීම සඳහා  මහනුවර ප්‍රදේශයට තම කාර් රථයෙන් නීති විරෝධීව පෙට්රල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී  අලවතුගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පෙට්රල් ප්‍රමාණය ලීටර් 125කි.

සැකකරු දැනට පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර කාර් රථය පොලිස් අත්අඩංගුවේ ඇති බවත් සැකකරු අද (03දා) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අලවතුගොඩ  – ජයම්පති අනුර බණ්ඩාර