පැතුම්ට ලොව ඉහළම තැනක්

0
33

ලොව ප්‍රධානතම ක්‍රිකට් ක්‍රීඩා සඟරාවක් ලෙස සැලකෙන ‘විස්ඩන්’ ස¼ගරාව මගින් පසුගිය වසරට අදාළ වයස අවුරුදු 25ට අඩු විශිෂ්ටතම ටෙස්ට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබූ අතර, එයට ශ්‍රී  ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක එක් කර තිබීම කැපී පෙනිණි.

ඒ අනුව මෙම වසරේ ජූලි මස 31 වැනිදා දක්වා පසුගිය වසරක කාලය තුළ වයස අවුරුදු 25ට අඩු ක්‍රීඩකයන් ටෙස්ට් පිටියේ දක්වා තිබූ දස්කම් පදනම් කර ගනිමින් මෙම කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබිණි. මෙහිදී අදාළ වයස් කාණ්ඩය තුළ ලොව විශිෂ්ටතම අංක 3 පිතිකරු ලෙස පැතුම් නිස්සංක අදාළ කණ්ඩායමට එක්කර තිබීම විශේෂත්වයකි.

පැතුම් නිස්සංකට අමතරව පාකිස්තාන ක්‍රීඩකයන් දෙදෙනකු, ඉන්දීය ක්‍රීඩකයන් දෙදෙනකු, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් දෙදෙනකු සහ ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව සහ එංගලන්තය නියෝජනය කරන එක් ක්‍රීඩකයා බැගින් මෙම කණ්ඩායමට ඇතුළත්ව තිබිණි.

අවුරුදු 25ට අඩු විශිෂ්ටතම ටෙස්ට් කණ්ඩායම – ශහීන් ෂා අෆ්රිඩි, අබ්දුල්ලා ශෆීක් (පාකිස්තානය), රිෂාබ් පාන්ට්, ශුබ්මන් ගිල් (ඉන්දියාව), පැතුම් නිස්සංක (ශ්‍රී  ලංකාව), ඔලී පෝප් (එංගලන්තය), කැමරන් ගී්‍රන් (ඕස්ට්‍රේලියාව), ජේඩ්න් සීල්ස්, ජොෂුවා ද සිල්වා (බටහිර ඉන්දීය කොදෙව්), මාර්කෝ ජැන්සෙන් (දකුණු අප්‍රිකාව), මෙහෙදි හසන් මිරාස් (බංග්ලාදේශය)

ගමිත දෙහිපිටිය