නිමල් සිරිපාලට හිටපු ඇමැති ධුරයම

0
10

වරාය නාවික හා ගුවන් සේවා ඇමැතිවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා ඊයේ (02දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී ඇත.

ජපානයේ “තයිසේ” සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට ඉඩ සලසමින් ඔහු පසුගියදා තම ඇමැති ධුරයෙන් ඉල්ලා අස් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුතුව ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් ජූලි 22 වනදා ජනාධිපතිවරයා විසින් පත් කළ අතර එහි අවසන් වාර්තාව ජූලි 31 වැනිදා ජනාධිපති ලේකම්තුමා වෙත භාරදී ඇතැයිද එම නිවේදනයෙහි දක්වා ඇත.

එම කමිටුවේ වාර්තාව අනුව නිමල් සිරිපාල ද සිල්වා මහතා සියලු චෝදනාවලින් නි‍ෙදාස් කොට නිදහස් කර තිබේ.

සඳුනි ගමාරච්චි