ජනපති නිවෙසින් භාණ්ඩ සොරාගැනීමේ සැකකරු පෙරෙට්ටුවකට

0
16

සිදුවූ අරගලය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙසට ඇතුළු වී භාණ්ඩ සොරාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු හ¾දුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (2දා) නියෝග කළේය.

වයස අවුරුදු 22 හැවිරිදි තරුණයෙක් මෙලෙස අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බාලවයස්කරුවන් දෙදෙනා එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ අධිකරණය  එම දරුවන්ගේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවද අවලංගු කිරීමට නියම කළේය.

හංසි නානායක්කාර