ජනපති රනිල්ගේ නිවසට ගිනි තැබූ සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට

0
207

කොල්ලුපිටියේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (අගෝ: 1) රාත්‍රියේ පිලියන්දල සහ නාරාහේන්පිට ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව ය.

සැකකරුවන් අවුරුදු 18 සහ 22 යන වයස්වල පසු වන මඩපාත සහ කොළඹ 5 ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ජූලි 9 වන දා රාත්‍රියේ මෙම ගිනි තැබීම සිදු වී තිබිණි

එම ගින්නෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට හානි සිදු වී තිබුණු අතර ඔහුගේ පෞද්ගලික පුස්තකාලය ද විනාශ වූ බවට වාර්තා විය.