ජනාධිපති ලේකම් කාර්යාලයට පළමුව ඇතුළු වූ පුද්ගලයාට අධිකරණය දුන් තීන්දුව

0
234

ජූලි 9 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයට පළමුව ඇතුළත් වූ පුද්ගලයා ලෙස සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු අද (අගෝ. 2) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබේ.

ලබන 5 වන දා සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යොමුකරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත.

අදාළ සැකකරු ඊයේ (අගෝ. 1) දින දහවල් කාලයේදී පරණ පාර, පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, සැකකරු එදින පිහියක් අතතැතිව තමාගේ ගෙල කපා ගන්නා බවට ආරක්ෂක නිලධාරීන්ට ප්‍රකාශ කර ඇතැයි මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.