වෙඩි තැබීමකින් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මරුට

0
1322

මුල්ලේරියාව බැංකු හන්දියේ සිදු වූ වෙඩි තැබීමකින් කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක් වී ඇත්තේ, එම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපතිවරයෙකු වූ සුමුදු රුක්ෂාන් නමැත්තෙකි.

මන්ත්‍රීවරයා මුල්ලේරියාව බැංකු හංදිය ආසන්නයේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණ ඇති නාඳුනන පුද්ගලයන් දෙදෙනකු එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි තැබීම සඳහා පිස්තෝලයක් භාවිත කර ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, වෙඩි තැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති අතර පොලිසිය විමර්ශන සිදු කරයි.