නිමල් සිරිපාල නිදහස්: යළිත් ඇමතිකමක්?

0
231

ධූරයෙන් ඉල්ලා අස් වූ නිමල් සිරිපාල ද සිල්වා නැවතත් හිටපු අමාත්‍ය ධූරයේ ම අද (අගෝ: 2) හෝ හෙට දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට ඔහුට චෝදනා එල්ලවී තිබිණි.

අනතුරුව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස දන්වමින් ඔහු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.

ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුව සිදුකළ විමර්ශන හරහා ඔහුගේ නිර්දෝෂීභාවය පෙන්වා දී චෝදනාවලින් ඔහු නිදොස් කොට තිබේ.

අදාළ කමිටු වාර්තාව පසුගිය දා ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත භාර දී තිබිණි.

අදාළ කමිටු වාර්තාව පිළිබඳ ඊයේ (අගෝ: 1) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී ද සාකච්ඡා කර ඇත.