නිමල් සිරිපාල ද සිල්වාට ඇමති ධූරයක්

0
222

වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේ ය.

ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට ඔහුට චෝදනා එල්ලවී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස දන්වමින් ඔහු සිය අමාත්‍ය ධූරයෙන් පසුගිය දා ඉල්ලා අස්විය.

ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඒ සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුව සිදුකළ විමර්ශන හරහා ඔහුගේ නිර්දෝෂීභාවය පෙන්වා දී චෝදනාවලින් ඔහු නිදොස් කොට තිබිණි.

අනතුරුව ඔහු ඉල්ලා අස්වීමට පෙර රජකාරී කළ අමාත්‍ය ධූරයේ ම මෙලෙස දිවුරුම් දී ඇත.