ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් සජබයේ මත ගැටුමක්

0
30

සියලුම ජනතාව එළැඹෙන අගෝස්තු 9දා කොළඹට රැස්වී අරගලයේ ජයග්‍රහණ අදියර සඳහා සහභාගි වන ලෙස සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිදු කළ ප්‍රකාශයෙන් පක්ෂ අභ්‍යන්තරයේ මතගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.  අගෝස්තු මාසයේ නව වැනිදා මුළු රටම කොළඹට පැමිණ අරගලයේ අවසන් අදියර ජයග්‍රහණය කිරීමට දායක වන ලෙස ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසීමකදී සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර පැවැසුවේ එම ප්‍රකාශය සහාපතිවරයාගේ පෞද්ගලික මතයක් මිස පක්ෂයේ මතය නොවන බවය. එමෙන්ම රට තුළ පවතින අර්බුදය සඳහා විපක්ෂය හා සමගි ජන බලවේගය විසින් සිදු කළ යුතු දෑ පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

නිර්මාණි ගුණරත්න