සෙංකඩගල නුවර – ඇසළට කරන පෙරහැර  දෙවියන්ට රිසි කර – පැවැත්වූයේ කලක පෙර සිට බුදුන් පෙරදැරි කොට – දෙවියන් ඊට පසුකොට පෙරහර යන ලෙසට – පැවැත්වුණි අප නිරිඳු කල සිට

0
65

ඉදින් සෙංකඩගලට මේ ආරම්භ වන්නේ වසත් සමයයි.  අලි ඇතුන්ගේ මිණිගෙඩි නාද  සෙංකඩගල කඳු සිසාරා රාව ප්‍රතිරාව නංවන්නේ මෙසමයෙහියි. ගජගා වන්නමේ තාලයට හේවිසි වැයෙන්නේ මෙසමයෙහියි. ඉතින් හෙළයේ මහා අනර්ඝ ඇසළ පෙරහර මංගල්‍යය නැතිනම් සෙංකඩගල මෞලි  මංගල්‍යයෙහි ඇරඹුම අදයි.

සෑම වසරකම මෙම කාලය වන විට අපගේ සංස්කෘතිය සහ අපගේ ආත්මයක් ලෙස සැලකෙන විශේෂ උත්සවය සෙංකඩගල නගරයේ පවත්වන බව කවුරුත් දන්නා කරුණක්. දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇදබැඳ ගන්නා මෙම අසිරිමත් පෙරහර මංගල්‍යය ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජු දවස  ක්‍රි.ව. 301 – 328 – දළදා  වහන්සේ ලක්දිවට වැඩමවීමත් සමඟය.  ශ්‍රී  ලංකාව තුළ ඇසළ මාසයේ පවත්වන පෙරහරවල් අතර ඉහළම ස්ථානය ගනු ලබන්නේ මහනුවර ශ්‍රී  දළදා මාලිගාවෙහි පවත්වන දළදා පෙරහරයි. එසේම පුරාතනයේ සිට පෙරහර මාසය ලෙස නම් ලබන්නේද ඇසළ මාසයයි.

කිත්සිරිමෙවන් රජ දවස  වසරක් පාසා දළදා පෙරහර පැවැත්වූ බවට පෙන්වා දිය හැකි සාධකයක් ලෙස මහා වංශයේ සඳහන් කර ඇත්තේ  රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහ පෙරහර කළේයි. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩම්මා ගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි නියෝග කළේය යනුවෙනුයි.  පාහියන්ගේ දේශාටන වාර්තාවෙහි “අද සිට දස දිනකින් ඒ බුදු රදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමැති සියල්ලෝ මග සම කෙරෙත්වා. කොවේල මහවේ සරසත්වා. පුද පිණිස මල් සහ  සුවඳ පිළියෙල කෙරෙත්වා” යනුවෙන් කෙරෙන විස්තරයෙන් එදවස ඇසළ පෙරහර සංවිධානය වූ ආකාරය කියැවෙනු ලැබේ.

සෙංකඩගල ඇසළ පෙරහර, නුවර පෙරහර, කන්ද උඩරට පෙරහර, මාලිගා පෙරහර  යන නම්වලින් හඳුන්වනු ලබන ඇසළ පෙරහර අද වන විට විවිධ සංස්කෘතික අංග සහ කලාත්මක අංගයන්ගෙන් පිරිපුන් වී ඇත. අතීතයේ සිට අද පටන් චිරාගත සාම්ප්‍රදානුකූලව පවත්වන ඇසළ පෙරහර බෞද්ධ ආගමිකයන්ගේ ආගමික උත්සවයක් බඳුය. බෞද්ධාගමික චාරිත්‍ර වාරිත්‍රයන්ගෙන් සුපෝෂිත ඇසළ පෙරහර  අද සිට මහනුවර පුරා වීදි සංචාරය කිරීමට සියල්ල සුදානම් කොට ඇත.

 සෙංකඩගල ඇසළ පෙරහර විවිධ සිරිත් විරිත් ඇතුළත් නැකැත් පත්‍රයකට අනුකූලව සිදු කරන අතර දළදා මාලිගාවෙහි සිටින නැකැත් මොහොට්ටාල විසින් නැකැත් පත්‍රය සකසනු ලබයි. එම නැකැත් පත්‍රයට අනුව මුලින්ම සිදුකළ යුත්තේ පෙරහර ආරම්භ කිරීම සඳහා අවසර ලබාගැනීමයි. නැකැත් මොහොට්ටාල විසින් අවසර ලබාගත යුත්තේ දියවඩන නිලමේතුමාගෙනි. එසේම දළදා පෙරහර භාරව කටයුතු කරන කාරියකරවන කෝරාල ගජනායක නිලමේ, කපුරාලවරු, ගම් දහයේ විදානේවරු, කංකානම් රාල, මොහොට්ටාල සහ වට්ටෝරුරාල  දියවඩන නිලමේතුමා මුණගැසී චාරිත්‍රානුකූලව අවසර ලබාගැනීම සිදු කරයි.

මුලින්ම සිදු කරන්නේ කප් සිටුවීමේ මංගල්‍යයයි. කප් සිටුවීමේ මංගල්‍යය යනුවෙන් අදහස් කරන්නේ, ඇසළ මස අමාවක දින කිහිපයකට පෙර අලුත් නුවර භූමියෙන් නැතිනම් ඊට තදාසන්න ප්‍රදේශයකින් සුදුසු දේවාල බිමක් තෝරාගෙන පල නොදැරූ නෑඹුල් කොස් ගසකට  පුද සත්කාර කර එයට අරක් ගත් දෙවි කෙනකු සිටිනවානම් ඉවත් වන ලෙස ආයාචනා කොට ගස කැපීමයි. එයින් රියන බැගින් ගෙන සතර දේවාල භාර පිරිසට ලබාදීම සිදු කරයි. අවසානයේදී ඔවුන් එය සතර දේවාලවලට අයත් බිමෙහි සිටුවන අතර කප් සිටුවීම අවසන් වන්නේ එලෙසයි.

අනතුරුව එළැඹෙන්නේ පෙරහර සති මාලාවයි. විෂ්ණු, නාථ, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවාලවලට අයත් වන කපුරාලවරු දේවාල රාජකාරී සිදු කරන ඇඳුම්වලින් සැරසී දේවාල පෙරහරට සහභාගි වෙති. මෙහි විශේෂත්වය වන්නේ නර්තන ශිල්පීන්, අලි ඇතුන් සහ බැතිමතුන්  කිසිවක්  සහභාගි නොවීමයි. පුරා දින පහක් පුරාවට පවත්වන මෙම පෙරහර දේවාල පෙරහර යනුවෙන් හඳුන්වයි. දේවාල පෙරහර අවසාන වන විට සතර දේවාලවලට අයත් බස්නායක නිලමේවරුන් විසින් රන් ආයුධ සහ දේවාභරණාදිය රන්සිවි ගෙයක තබා එය ඇතකුගේ පිට තබමින් දළදා මාලිගය ඉදිරිපිටට රැගෙන එනු ලැබේ.   එතැන් පටන් ආරම්භ වන්නේ කුඹල් පෙරහරයි. මෙයට කුඹල් පෙරහර ලෙස නම් ලැබී ඇත්තේ අතීතයේදී දළදා පෙරහර  වීදි සංචාරය කරන විට පෙරහර ඉදිරියෙන්ම අලුත් වළං කදක් ගත් කුඹල්කරුවකු ගමන් ගත් නිසාය.

එසේ රැගෙන ගිය වළං කද දළදා මාලිගාවට පූජා කෙරිණි. දින පහක් පුරා වීදි සංචාරය කරන කුඹල් පෙරහර සුබ මොහොතකින් සහ වෙඩි මුරයකින් ආරම්භ වන අතර දේවාල පෙරහරට වඩා විචිත්‍රවත් අන්දමින් මෙය පැවැත්වේ. මෙහිදී  සධාතුක ධාතු කරඬුව ගත් ඇතා, ගම් දහයක් මුල් කරගත් විදානේවරුන්, නර්තන ශිල්පීන්, වාද්‍ය ශිල්පීන්,  කසකරුවන්, පන්දම්කරුවන්, කොඩි, සේසත්, මුතුකුඩ ගෙන යන්නන් පෙරහරට අභිමානයක් එක් කරමින් ගමන් කරති. එසේම කුඹල් පෙරහරට දියවඩන නිලමේ, පෙරමුණේ රාල සහ කාරියකරවන රාලද සහභාගි වෙති.

රන්‍ෙදා්ලි පෙරහර ආරම්භය සනිටුහන් කරමින් කුඹල් පෙරහර අවසාන කරන අතර රන්‍ෙදා්ලි පෙරහර ලෙස නම් ලැබී ඇත්තේ මහනුවර රාජ්‍යය සමයේදී රජුගේ අගමෙහෙසිය හෙවත් රන්‍ෙදා්ලිය  පෙරහරේ ගමන් ගත් නිසාය.  සෙංකඩගල පෙරහර සැණකෙළියේ අවසන් අදියර මෙය වන අතර මෙහි විශේෂත්වය වන්නේ කුඹල් පෙරහර සහ දේවාල පෙරහරට වඩා රන්‍ෙදා්ලි පෙරහර විචිත්‍රවත් වීමයි. වාද්‍ය ශිල්පීන්, නර්තන ශිල්පීන් සහ අනෙකුත් අංග ඉදිරිපත් කරන ශිල්පීන් විශාල ප්‍රමාණයක් මෙයට සහභාගි වන අතර විවිධ අලංකාර ඇ¾දුම්වලින් සැරසුණු හස්තීන්ද රන්‍ෙදා්ලි පෙරහරට සහභාගි වෙති.

එසේම රන්‍ෙදා්ලි පෙරහරෙහි තිබෙන අනෙක් විශේෂත්වය වන්නේ සතර මහා දේවාලවලට අයත් රන් දේවාභරණ රැගත් රන්‍ෙදා්ලි නම් විශේෂ රථ සමූහයක් පෙරහර අවසානයට එක් වීමයි. අවසානයේ  දියවඩන නිලමේ තුමා විසින් සුබ මොහොතින්  හස්ති රාජයාගේ පිටෙහි තිබෙන සධාතුක කරඬුව  රන්සිවිගෙය තුළ තැන්පත් කරනු ලබයි. සධාතුක කරඬුව තැන්පත් කර දියවඩන නිලමේ රතු පලස මතින්  ගාම්භීරත්වයෙන් යුතුව ගමන් කිරීම එය නරඹන බැතිමතුන්ගේ නෙත් පැහැරගන්නා දසුනකි. මෙම ආකාරයට දින පහක් පුරාවටම මුළු නුවර පුරාවටම වීදි සංචාරය කරන රන්‍ෙදා්ලි පෙරහර පස්වන දින මහා රන්‍ෙදා්ලියෙන් අවසන් වනු ලැබේ.

පෙරහර අවසන් කරමින් දිය කැපීමේ මංගල්‍යය ආරම්භ වන අතර දිය කැපීමේ මංගල්‍යය ගැටඹේ තොටුපළෙහි සිදුකොට නැවත පෙළහරින්ම දළදා මාලිගාව වෙත පැමිණෙයි. පසුව ගෞරව බහුමානයෙන් යුතුව නැවතත් දළදා කරඬුව ඇත් රාජයාණන්ගේ පිටින් ඉවත් කොට දළදා මාලිගාවෙහි තැන්පත් කරනු ලබේ. අවසානයේ පෙරහර නිමා වූවා යැයි  දියවඩන නිලමේ සහ සතර දේවාල බස්නායක නිලමේවරුන් විසින් රටෙහි ජනාධිපතිව දැනුවත් කිරීම  සාම්ප්‍රදායානුකූලව සිදු කරයි.

ඇසළ පෙරහර විවිධ පරමාර්ථ පෙරදැරි කොටගෙන සිදු කරන අතර මූලික පරමාර්ථය වන්නේ ගොවිතැනට අදාළ වර්ෂාව ලබාගැනීම සහ සශ්‍රිකත්වයයි.  එසේම දෙවියන්ට බැති පුද උදෙසාත්, ලක්දිව සංස්කෘතික අභිමානය ලොවටම විදහා දැක්වීම උදෙසාත් වාර්ෂිකව ඇසළ මාසයේ සෙංකඩගලපුර මහා සංස්කෘතික මංගල්‍යය පවත්වනු ලබයි. එසේම  කප් සිටුවීමට කිරි ගහක් යොදා ගනු ලබන්නේ කිරි ගස මංගල ලකුණක් නිසාවෙනි. පෙරහරෙහි සියලු  විශේෂාංග වර්ෂාව සංකේතවත් කරන අතර හේවිසි බෙර නාදය අහස ගෙරවීමකට උපමා කළ හැකිය. පෙරහරෙහි ගමන් කරන හස්තීන් වැහි වලාකුළු වැනිය. නැටුම් ගැයුම් ඝෝෂාකාරීය. පන්දම් එළි විදුලි කෙටීමක් ලෙස පෙන්වා දිය හැකිය. එයින් අදහස් වන්නේ වර්ෂයක් පාසා පවත්වන ඇසළ පෙරහරෙහි පරමාර්ථය වර්ෂාව බවයි.

එසේම සංස්කෘතිය තුළ පවතින මතයක් වන්නේ දිය කැපූ විගස දිය කැපූ ස්ථානයේ ගිලී නෑමෙන් ලෙඩ දුක් දුරු වී නිරෝගී සුව ලැබෙන බවයි. එම නිසාම දිය කපන දින ගැටඹේ තොටුපළ දහස් ගණන් බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යයි. එසේම දළදා පෙරහරින් ලෙඩ රෝග දුරු වීම, අපල දුරු වීම සහ ශක්තිය උපදවන බව පිළිගන්නා අතර මුල් දුඹුල් පෙරහරින් කුඩා දරුවන්ගේ සියලු ‍ෙදාස් දුරු වී රැකවරණය සැලසෙන බව විශ්වාස කරයි. තවද දේව පෙරහරින් ග්‍රහ ‍ෙදා්ෂ,  අපල  දුරු වන බවද ජනතාව විශ්වාස කරන අතර පෙරහර නිමවූ පසු මහනුවර විෂ්ණු දේවාලයේ හද්දා වලි යකුන් නැටීමෙන් සිදු වන්නේ  පෙරහරෙහි සිදු වූ අත් වැරදි දුරලීම සඳහා දෙවියන්හට පින්දීම සහ දේව ආශිර්වාද ලබා ගැනීමයි.

එසේම මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ බොහෝ විට එක් අඩුවක් නරඹන්නන්හට දැනේවි. එනම් වසර දාහතක් පුරාවටම ඇසළ පෙරහරට සම්බන්ධ වුණු ‍ෙදාළොස්වතාවක් අති උතුම් දන්ත ධාතූන් වහන්සේ තම පින්සාර ශරීරය මතින් වඩම්මවා ඇති  රන් දෙරණේ කාල වර්ණ පින් කඳ ලෙස ගරු බුහුමන් ලැබූ  නැදුන්ගමුව රාජා හස්තියා මෙවර නොමැති වීමයි. එම අඩුව පුරවමින් මෙවර දළදා පූජෝපහාරයෙහි 1712 වැනි උතුම් පෙරහර මංගල්‍යයෙහි කිරුළු පලඳන්නේ සෙංකඩගල මහ රජ නැතිනම් මාලිගාවෙහි ඉන්දි රාජාය.

වසර ගණනාවකට පසු අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැරසෙන හෙළ කලාවේ අසිරිමත්  මෞලි මංගල්‍යයට දැනටමත් සියල්ල සූදානම් වී හමාරය. වසර කිහිපයක් පුරාවට විවිධ ගැටලු හේතුවෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නොහැකි වූ ඇසළ මංගල්‍යය රටෙහි මෙවැනි අර්බුදකාරී තත්ත්වයක වුවද පැවැත්වීමට හැකි වීම පිළිබඳ අප සතුටු විය යුතුය. අගෝස්තු මස දෙවැනිදා නැතිනම් අද සිට  එළැඹෙන ‍ෙදාළොස්වැනිදා තෙක් මනෝරම්‍ය පෙරහරක අසිරිය ඔබට විඳ ගත හැකිය. මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ කුඹල් පෙරහර අගෝස්තු 02දා ආරම්භ වන අතර  ඇසළ මංගල්‍යයේ පළමු රන්‍ෙදා්ලි පෙරහර අගෝස්තු 7 වැනිදා ආරම්භ වේ.

අවසන් රන්‍ෙදා්ලි පෙරහර අගෝස්තු 11 වැනි දින පැවැත්වීමට නියමිත  බවත් අනතුරුව 12 වැනිදා දහවල් පෙරහරින් පසු ඇසළ මංගල්‍යය අවසන්  වේ. ඉතින්  අපේ පුරාණ ජනප්‍රවාදයේ සඳහන් වන පරිදි සියවස් ගණනාවක් පුරා ඇසළ පෙරහර සැමවිටම දුෂ්කර කාලවලදී අපේ ජාතියට ශක්තියක් ආලෝකයක් වී තිබේ.  එබැවින් වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වයන් හටත් මෙවර දළදා පෙරහර ශක්තියක් වේවි යැයි අප බලාපොරොත්තු වෙමු. එසේම පෙරහරෙහි ගමන් ගන්නා සියලුම දෙනාහට කුරා කුහුඹියකුගෙන්වත් කරදරයක් නොවේවායි අපි එක සිතින් ප්‍රාර්ථනා කරමු.

සචිනි බස්නායක