සර්වපාක්ෂික ආණ්ඩුවකට කම්කරු කොංග්‍රස් සහාය

0
17

සර්වපාක්ෂික ආණ්ඩුවට සහාය දීමට තීරණය කළ ලංකා කම්කරු කොංග්‍රසය අද (2දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසී වතු කම්කරු. ජනතාව වෙනුවෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව එහි නායක සෙන්දිල් තොණ්ඩමන්  ‘මව්බිම’ට පැවැසීය. තොණ්ඩමන්  මහතා පැවැසුවේ වතු කම්කරු ජනතාවගේ වැටුප සහ ඔවුන්ගේ ජන ජීවිතවල ඇති ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කරන අතර ඊට පිළියම්  ආණ්ඩුවෙන් අපේක්ෂා කරන බවය.

මේ වන විට වතුකරයේ ජනතාව විසින් සිය ප්‍රශ්න, ගැටලු ගණනාවක්  තම පක්ෂයට ඉදිරිපත් කර ඇති බවද  ඔහු පැවැසීය.

මේ සඳහා ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරමින් තමාත් මන්ත්‍රි ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිසක් සහභාගි වන බව හෙතෙම වැඩිදුරටත් කීය.

අනුරාධා හේරත්