වීදි පුරා පාලු කපන කාඩ රජවරු

0
72

ඕයි අපි වැඩක් කරමුද?

මොකද්ද?

කොටුව පැත්තට ගිහින් සරම් 5කුයි, බෙඩ්ෂීට් 5කුයි අරගෙන ගිහින් ඔය හීතලේ නිදාගෙන ඉන්න හිඟන මිනිස්සු 5ක් ළඟින් තියල එමුද?

මේ රෑ

ඔව් යමන්කො

යාළුවත් එක්ක නැඟිටලා හැල්මේ ටැක්සි එකකට අත දාලා කොළඹ කොටුව පැත්තට ගියා. හරියටම බෝ ගහට එහායින් ගෑස්පහ පැත්තට හැරෙන තැන මහ රෑටත් රෙදි කඩ ඇරලා.

අපේ අතේ තිබ්බ ගාණට සරම් පහකුයි බෙඩ්ෂීට් පහකුයි අරගෙන වෙන වෙනම කවර 5ට දාගත්තා. දැන් යන්නේ කවදාවත් තෑග්ගක් ලබල නැති මිනිස්සු පහකට දෙන්න. අපි ශේප් එකේ ඩුබ්ලිකේෂන් එකෙන් බැහැලා ඉන්දියන් චායි එකක් බිව්වා.

ඉන්දියන් චායි කියන්නෙ කොළඹ රෑ කරක් ගහන එකෙක් නොදන්න දෙයක් නෙවෙයි. එනසල් කුරු¾දු රහට රසම රස ඉන්දියන් මසාලා චායි. චායේ කියන්නෙ හින්දියෙන් කිරිවලට.  එකක් බොනවා කියන්නෙ එළියෙ පුටුවක අහසෙ තරු දිහා බලාගෙන වෙනම ෆීලින් එකක්. එතකොට උඹට හිතන්න පුළුවන් ඒ චායි එක තමයි උඹේ කෙල්ලගෙ නෑ ඒක ඕන නෑ.

එහෙම්ම ගාලු පාර පැත්තට ඇවිදගෙන යද්දි තැනින් තැන නිදාගෙන ඉන්න යාචක මිනිස්සු ඕන තරම් ඉන්නවා. හරිම කෙනෙක් බලලා දෙන්න ඕන කියන තෙනාව අපි ගාව තිබුණා.

හිඟන මිනිස්සුන්ගෙත් හරිම කෙනෙක් හොයන්නෙ කොහොමද කියලා උඹට ප්‍රශ්නයක් ඇති. උඹ බලලා තියෙනවද ඇඩ්‍රස් නෑ ෆිල්ම් එක  අන්න ඒකෙ මේ කතාව තියෙනවා.

සාමාන්‍යයෙන් උඹ අන්තෙට හි¾දුනත් කොළඹ අහස යට හිඟාකාලවත් උඹට ජීවත් වෙන්න බෑ. ඒකට හේතුව තමා හිඟන සංගම්වල සාමාජිකත්වය ගන්න ඕන. ඒ කියන්නෙ ලංකාවෙ ප්‍රභූන් කියල ඉන්න සුදු ඇඳගත්ත අමනුස්සයො තමයි ඕවගෙ අයිතිකාරයෝ. ඒ හිඟන සංගමයක් දාගෙන හිඟන්නො ටිකක් එකතු කරගෙන හිඟාකන්න යැව්ව නම් හොඳ ලාභයක් ගන්න පුළුවන්. හිතපං හිඟන්නො 50ක් හොයාගෙන ලියාපදිංචි කර ගන්නවා. එකෙක් දවසකට 4000ක් හිඟා කෑවොත් ඒක හිඟාකන සල්ලිවලින් 50ක් උඹ ගත්තොත් උඹට දවසට ලක්‍ෂයක් ආදායම.

එතකොට උඹ හිතයි යකෝ කොහොමද දන්නෙ උන් හිඟා කාගන්න ගාණම හරියටම දෙනවද කියලා. අන්න ඒකට ඔත්තු බලන්නත් සෙට් එකක් ඒ ළඟපාතම ඉන්නවා. ඉතින් ඔය වගේ ජරා අමනුස්ස බිස්නස් වෙන කොළඹ රෑ හරියටම හිඟන මනුස්සයෙක් හොයාගන්න එකත් ප්‍රශ්නයක්.

ගොඩක් කොළඹ මිනිස්සු ඕක ගැන දන්නවා. කොළඹට ගොඩ යන්න කියලා යන එකෙක් නම් අනේ තාත්තෙක්, අම්මෙක් අපේ අම්ම වගේමයි. අපේ තාත්ත වගේමයි කියලා සල්ලි දුන්නට ඕක තමා ඇත්ත. ඒ මිනිස්සු කොහොමත් අසරණයි. ඒ මිනිස්සුන්ට සල්ලි තිබ්බ නම් ඔය සංගම්වලට බැඳෙන්නෙ නෑනෙ. ඒ අසරණකම මාකට් කරල තමයි තවත් එවුන් ඒකෙන් ගොඩ යන්නෙ. ඉතින් අපි ඔය දහස් ගණන් සරං දුන්නට ඕව එකක්වත් ඒ අසරණයන්ට ලැබෙන්නෙ නෑ.

හරියටම කැලණිය පැත්තෙන් එද්දී හයිවේ එක්සිට් එකෙන් එළියට දානකොටම තියෙනවා කලර් ලයිට් එකක්. ඕක ගාව හැමදාම වගේ වෙලාව යනකම් වාහනේ විනාඩියක් දෙකක් නවත්තගෙන ඉන්න වෙනවා. ඒ වෙලාවට බඩ දරු අම්මලා ආබාධිත මිනිස්සු ඇවිල්ලා වීදුරුවට තට්ටු කරනවා. දවසක් ආව කේඬෑරී බඩ දරු අම්ම කෙනෙක්ගෙ බඩ දිහා හොඳට බලං ඉද්දී මම දැක්ක පොඩි අවුලක්

මේ

අෑ මාත්තියා

 ඔන්න ඔයාගෙ ප්‍රෙග්නන් බඩ හදාගත්ත එකේ රෙදි කෑල්ලක් එළියට පැනලා.

එහෙම කිව්ව ගමන් මට බැන බැන ඒකි දුවපි. ඊගාව කාරණාව තමයි ළමයි අරගෙන හිඟමනේ යන එක. හොඳට සෝදිසියෙන් හිටියොත් එකම මනුස්සයා ළමයි දෙන්න, තුන්දෙනා අරගෙන ඇවිත් හිඟාකනවා එක සතියක් ඇතුළෙදී. ඒ කියන්නෙ තමන්ගෙ ළමය පවා අර හිඟන සංගමය ඇතුළේ සාමාජිකත්වය අරගෙන ඉන්නවා.

තව හිඟන සෙට් එකක් ඉන්නවා ඔය කොළඹ අස්සෙම. උන් එන්නෙ කොල්ලන්ගෙ තියෙන උණුවෙන කොලු බොක්ක මාකට් කරල ඒකෙ සාරය උරාබොන්න.

අනේ මචං දුවට පිළිකාවක්. හැමෝගෙන්ම සල්ලි එකතු කරලා දානයක් දෙන්න කිව්වා.

අනේ මචං මම මොනරාගල. වීල් එක කැඩුණා. මෙන්න මේ කෑල්ල ගන්න 500ක් ඕනි. අනේ සල්ලි නෑ බං. සප් එකක් දියංකෝ.

මචං අපි ෆුට්බෝල් මැච් එකක් කරනවා අපේ කොල්ලො සෙට් එක මේ කොඩිය විකුණලා. සපෝට් එකක් දියං.

අනේ බං ගෙදර යන්න සල්ලි නෑ. බස් ටිකට් එක අරගෙන දීපං.

ඔන්න ඔය වගේ මානුෂීය කාරණාවලට අපිත් ඕන තරම් අහුවෙලා තියෙනවා. අහුවුණා කියලා තේරෙන්නේ. අපි ගාවට ඒ කිව්ව එකාම දෙවැනි දවසෙත් ඇවිත් සල්ලි ඉල්ලද්දී.

ඒ එක්කම පුංචි රෝස මල් වගේ කෙලි පැටවු දහස් ගාණක් ගැවසෙන සෙනග අස්සෙ මිනිස්සු අස්සෙ ගෑවි ගෑවී තෙරපි තෙරපී අත ගෑවෙවී ඉ¾දුල් වෙවී හිඟමන් යදිනවා රෑ කොළඹ අහස යටම තමන්ගෙ අසරණකමට. ඒ ළමයම ළමා කාලෙම එක එක මිනිස්සු අතට යන්නෙ අම්මලගෙ අතට කාසි පනම් ගොඩක් හම්බ කරල දීලා. කොළඹට ගියාම මේ වගේ දේවල් දැක්කම අපේ අම්මලා තාත්තලා නම් බුදුවෙන්න පාරමිතා පුරන අය කියල හිතෙන්නෙ අපිව පරිස්සං කරපු ආරක්‍ෂා කරපු හැටි දැක්කම.

ඉමෙ මට දවසක කියවුණා පුංචි කෙල්ලක් දැකලා “ඇයත් මලක්” පෙතිවල දූවිලි තැවරුණු කියලා.

පව් කියනවාට වඩා හනේ හනිච්චං කියල දුක් වෙනවට වඩා හොඳම ක්‍රමය තමයි සිස්ටම් එකක් හදන එක. මිනිස්සු සමාජෙන් ෆිල්ටර් වෙලා මේ විධියට මහ පාරට වැටෙන තැනට වැටුණත් ඒ මිනිස්සුන්ට අවශ්‍ය මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා වෙන විදියේ තිරසර ක්‍රමවේදයක් අපිට ඕන. ඕක ගැන මිනිස්සු කතා නොකරන්නේ සහ කිසිම රජයක්වත් අත නොගසන්නේ බැරි නිසා නොවෙයි. මේකෙ ඉන්න ගෝඩ් ෆාදර්ස්ලා මේ අපිව ආරක්‍ෂා කරන්න ඉන්නම නායකයන් වෙන නිසා. දේශපාලන නායකයන් වෙන නිසා.

“ඒ මේ අර බලපන් අර සීයා නම් මචං අපි හොයන ජාතියේ කෙනෙක්”

 ගාලු පාරේ රෑ සයිවර් කඩයකට මෙහායින් රැවුල තනි සුදු වුණු පැත්තක කිහිලි කරුවක් හේත්තු කරල. තමන් ඇඳගෙන හිටපු සරමෙන්ම පොරෝගෙන නිදාගෙන ඉන්න සීය කෙනෙක් දැක්කා. දැක්ක ගමන් පපුව දඩෝස් ගාල කඩාගෙන වැටුණා.

අපි දෙන්නම හොරෙන් ගිහින් සීයට නොදැනෙන්න සරමයි බෙඩ් ෂීට් එකයි තියලා. අතේ තිබ්බ 500කුත් තියලා ඇවිත් බලං හිටියා සීය ඇහැරුණාම මොකද කරන්නෙ කියලා. ටික වෙලාවකින් සීය ඇහැරුණා.

වටපිට බැලුවා තෑග්ග ලිහල බලල 500 කොළෙත් අතට අරගත්තා. සීයට සතුට වැඩි කමට මෙන්න කිහිලිකරුව නැතුවම සීය දුවපි සයිවර් කඩේට කන්න. පස්සෙ ආයෙ තමන් ආබාධිත කැරැක්ටර් එකක් නේද රඟපාන්නෙ කියල මතක් වෙලා ආයෙම ඇවිත් කිහිලිකරුව අරගෙන සයිවර් කඩේට ගියා.

ලසා